දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල යෝජනා ලඟදීම කැබිනට් මණ්ඩලයට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):දුම්රිය මෙහෙයුම් පාඩුව අවම කිරීම හා මගීන්ට කාර්යක්ෂම සේවයක් සැලසීමේ අරමුණින් ,  දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ,එහි ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා සඳහන් කළේ,දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවා පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි .

මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ද අදහස් ලබා ගැනීම ආරම්භ කර ඇති අතර , දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග මහා භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව ඒ සඳහා වැය කරන මුදල ඉතිරි කර ගැනීමට ද බලාපොරොත්තු වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...