*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

මාගල්කන්දේ සුදත්ත යනු සුයිසයිඩ් බොම්බර් කෙනෙක්..?

මෙය මාගේ පෞද්ගලික මතයයි. මා වැරදි වීමට පුළුවන. මෙම මතය ප්‍රකාශ කළා යැයි මා රහස් පොලීසියට කැඳවනු නැතැයි මම අපේක්ෂා කරනවා. මාගේ මතය අනුව මාගල්කන්දේ සුදත්ත යනු සුයිසයිඩ් බොම්බර් කෙනෙකි. පාස්කු ප්‍රාහරය මුදා හැරි සහරාන්, තමා විශ්වාස කරන දෙය වෙනුවෙන් ජීවිතය විනාශ කර ගනිද්දි තව නිමේෂයකින් තම ජීවිතය අහිමිවන බව නොදැන සිටියේ නැහැ නේ. නමුත් ඔහු හැසිරවූ ඔහුට ඉහළින් සිටි දේශපාලන හස්තය වෙනුවෙන් ඔහු එය කළා. මාගල්කන්දේ සුදත්ත ද එවන් පුද්ගලයකු බවයි මාගේ හැඟීම. නූතන ඉතිහාසය තුළ, මේ රටේ ඉතා පසුගාමී, දියුණුවන සමාජයකට වල කැපූ, ඉතාම බෙලහීන සමාජ ආකල්ප ප්‍රවර්ධනය කිරීම තුළින් තම බලය තහවුරු කර ගැනීමට යම් දේශපාලන බලවේගයක් කටයුතු කළේ ද, එවන් ආකල්ප මධ්‍යගත වන්නේ එකම එක දේශපාලන ධාරාවකට පමණි. මෙම දේශපාලන ධාරාව බලය තහවුරු කර ගැනීමට, ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය වැනි නොයෙකුත් වට්ටෝරු අතීතයේ යොදා ගත්තා. ඔවුන් මෙය තම පක්ෂයේ සන්නාමය සෘජුව භාවිතා කරමින් සිදු නොකළා වන්නට පුළුවන.. අර බලකාය, මේ බලකාය, අර සේනාව, මේ සේනාව, අර සංවිධානය, මේ සංවිධානය.. වැනි එම දේශපාලන බලවේගයේ ඒජන්තයන් හරහා තමයි එය සිදුකළේ. ඒ අනුව, මාගල්කන්දේ සුදත්ත, සමන්තභද්‍ර, නානසාර.. ආදී සියලු දෙනාම මේ දැවැන්ත දේශපාලන ව්‍යාපෘතියේ අනු ව්‍යාපෘති කියායි මට සිතෙන්නේ. ඒ වගේම ඔවුන් කලක් ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තා. නමුත් “අරගලය” බිහිවීමත් සමඟ, තවදුරටත් එවන් පසුගාමී සමාජ ආකල්ප ප්‍රවර්ධනය කිරීම තුළින් ජනතා මතය වෙනස් කිරීමට නොහැකි බව ඔවුනටම දැන් වැටහී ඇති. ඒ අනුව, දැන් බිල්ලට දැමීමට ඉතිරිව සිටින්නේ සමරිසි ප්‍රජාව පමණි. දොලවත්ත මන්ත්‍රීවරයා (ඔහු එම දේශපාලන ධාරාවේම මන්ත්‍රීවරයකු බැවින් එය ද, මෙම දැවැන්ත ව්‍යාපෘතියේ උපායමාර්ගික කොටසක් ද කියන්න මම දන්නේ නැහැ) සමරිසි ක්‍රියා අපරාධ වරදින් ඉවත් කරන මෙන් ගෙනා යෝජනාවට එරෙහිව, ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළේ ද, මේ දේශපාලන ධාරාවේ ක්‍රියාකාරීන් විසින්ම තමයි. නමුත් එම වෑයම ව්‍යර්ත වුනා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉතා ප්‍රගතිශීලී තීන්දුවක් ලබා දුන්නා. දැන් සමරිසි ප්‍රජාවට සුබවාදී සමාජ වටපිටාවක් ගොඩනැඟී ඒමේ සලකුණු පහල වී තිබෙන නිසා, ‘සමලිංගිකත්වය’ තේමා කර ගනිමින් වර්තමානයේ ජනාධිපතිධුරය හොබවන පුද්ගලයා සහ ඔහු නියෝජනය කරන දේශපාලන ප්‍රවාහය කෙරේ අනාදිමත් කලක පටන් එල්ලකළ ප්‍රහාර යළි එල්ල කොට නැවත බලය අතට ගැනීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබෙනවා යන්නයි මගේ අදහස. වත්මන් ජනාධිපතිවරයා, හෝ ඔහුගේ දේශපාලන දැක්ම හොඳ යැයි කීමට මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් “දේශපාලන සමලිංගිකභීතිකාව” සැමවිටම ක්‍රියාත්මක වූයේ ඔහු සහ ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂයට එදිරිව යන්න අප විසින් අවිවාදාත්මකව පිළිගත යුතු සත්‍යයක්. “සමලිංගිකත්වය නීතිගත කරනවෝ.. ඔන්න එහෙම කරොත් තොපේ දරුවන්ට අත්වෙන්නේත් මේ ඉරණමම තමයි..” නැමති පසුගාමී සමාජ ආකල්පය ජනගත කිරීමේ මෙහෙයුම දියත් කිරීම සඳහා ඉදිරිපත් කළ සුයිසයිඩ් බොම්බර් කෙනෙක් ලෙස මාගල්කන්දේ සුදත්ත තම සමරිසි හැසිරීම් සිතාමතා හසුවීමට ඉඩ ලබා දීමෙන් එම දේශපාලන ව්‍යාපෘතියේ එක් ක්‍රියාකාරකමක් සම්පූර්ණ කළා යන්නයි මගේ අදහස. මාගල්කන්දේ සුදත්ත දන්නවා, තව දින කිහිපයක්, මාස කිහිපයක් නෙමෙයි, අවුරුදු කිහිපයක් යනතුරු වත් තමාට සමාජයට මුහුණ දෙන්න බැහැ කියා. නමුත් ඔහු ඒ අවදානම අරගෙන, තමාට සිදුවන ඉරණම දැන දැනම, තමා විශ්වාස කරන දෙය වෙනුවෙන් (සහරාන් මෙන්) එය සිදුවන්නට ඉඩ දුන්නා යන්නයි මගේ අදහස. ඒ අනුව මාගල්කන්දේ සුදත්ත යනු දැවැන්ත දේශපාලන ව්‍යාපෘතියක එක් ක්‍රියාකාරකමක් සම්පූර්ණ කළ පුද්ගලයකු යන්නයි මගේ අදහස. මාගල්කන්දේ සුදත්ත යනු පොලිටිකල් ප්‍රොජෙක්ට් එකකි.

~ අරෝහි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan