ස්ටාමා සිය නව කැබිනට් මණ්ඩලය නම් කරයි

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 06 , ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉතිහාසයේ නොවූ විරූ ලෙස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විශාල බහුතර බලයක් සමඟ තේරී පත් වූ නව අගමැති ශ්‍රීමත් ස්ටාමා සිය නව කැබිනට් මණ්ඩලය නම්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, නව ආණ්ඩුවේ මුදල් ඇමති ලෙස රේචල් රීව්ස් පත් කර ඇති අතර ඇය එක්සත් රාජධානියේ ඉතිහාසයේ එම තනතුර දැරූ පළමු කාන්තාව වේ. හිටපු ළමා චෙස් ශූර සහ එංගලන්ත බැංකුවේ ආර්ථික විද්‍යාඥවරියක් වන ඇය ශක්තිමත් මූල්‍ය විනයක් පෙන්නුම් කරමින් ජාතියේ ආර්ථිකය වර්ධනය කිරීමට ප්‍රතිඥා දී ඇත. සිය ධුරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රේචල් සිය x සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, භාණ්ඩාගාරයේ චාන්සලර්වරයා ලෙස පත් කිරීමට ලැබීම මගේ ජීවිතයේ ගෞරවයක් වන බවත් සෑම ගැහැණු ළමයෙකුටම තම අභිලාෂයන් සම්බන්ධයෙන් සිමාවන් නොතිබිය යුතු බවත්ය.

ස්ටාමා සිය අභිනව ආණ්ඩුවේ විදේශ ලේකම් ලෙස නීති සම්පාදකයෙකු වන ඩේවිඩ් ලැමී පත් කර ඇති අතර ඔහු 2000 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි. සිය නව තනතුර භාර ගනිමින් ඩේවිඩ් ලැමී සඳහන් කර තිබුණේ, තමා වෙහෙසකින් තොරව රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් යුතුව කටයුතු කරන බවයි.

නියෝජ්‍ය නායකයා ලෙස ස්ටාමා පත්කර තිබුණේ, නීති සම්පාදකවරියකවන රේනර් ස්ටාර්මර්ගේය. මිට අමතරව ස්වදේශ කටයුතු ලේකම් ලෙස යෙව්ට් කූපර්, ජෝන් හීලි ආරක්‍ෂක ලේකම් ලෙසත් ශබානා මහමුද් අධිකරණ ලේකම් ලෙසත් නම් කෙරිණි. වෙස් ස්ට්‍රීටින් සෞඛ්‍ය ලේකම් ලෙසත්, බ්‍රිජට් ෆිලිප්සන් අධ්‍යාපන ලේකම් ලෙසත් නම් කෙරිණි. එඩ් මිලිබෑන්ඩ් බලශක්ති ලේකම් ලෙස නම් කරන ලදී. ලුසී පවෙල් මහජන මන්ත්‍රී මණ්ඩලයේ නායකයා වනු ඇත.

සිය මංගල කතාවේදී ‘අපගේ කාර්යය හදිසි වන අතර ජාතිය වෙනස් කිරීම අපි අද සිට ආරම්භ කරමු’ යනුවෙන් වහාම වැඩ ආරම්භ කරන බවට ප්‍රතිඥා දීමෙන් පසු ස්ටාමා අද පෙරවරුවේ නව කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිත වන අතර රිෂි සුනක් නව නායකයකු තෝරා ගැනීමේ සැලසුම් ක්‍රියාත්මක වන තුරු තමන් දැනට කොන්සර්වේටිව් නායකයා ලෙස රැඳී සිටිණු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...