සුඩානයේ සිවිල් යුද්ධයේදී RSF අපරාධ සම්බන්ධයෙන් බොහෝ රටවල් නිහඬයි – සුඩානයේ හමුදා ප්‍රධානී

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වසරකට වැඩි කාලයක් පුරා සුඩානයේ පවතින සිවිල් යුද්ධයේදී පැරාමිලිටරි වේගවත් ආධාරක බලකාය (RSF) විසින් සිදු කළ බව කියන අපරාධ සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ රටවල් නිශ්ශබ්දව ඇස් වසා සිටින බව සුඩාන හමුදා ප්‍රධානී ජෙනරාල් අබ්දෙල් ෆටා අල්-බුර්හාන් සුඩානයේ අල් ජසීරා සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.

2023 අප්‍රේල් මාසයේ සිට සුඩානයේ රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා අල්-බුර්හාන්ට පක්ෂපාතී බලවේග සහ ඔහුගේ හිටපු නියෝජ්‍ය මොහොමඩ් හම්දාන් ඩගාලෝ විසින් නායකත්වය දුන් RSF අතර සටන් ඇවිලී ගිය අතර එතැන් සිට යුද්ධය ආරම්භ වූ දා සිට මානුෂීය අර්බුදයක් උග්‍ර වී ඇති හෙයින් දස දහස් ගණනක් මිනිසුන් මරා දමා තවත් මිලියන ගණනක් අවතැන් වී ඇත.

සිය සම්මුඛ සාකච්ජාවේදී වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කරමින් අබ්දෙල් ෆටා අල්-බුර්හාන් සඳහන් කර තිබුණේ, සතුරන් සුඩාන ජනතාව මරා දමමින්, ඔවුන්ගේ ඉඩම් කොල්ලකමින් සහ ඔවුන්ගේ භාර්යාවන් සහ දියණියන් දූෂණය කරති … නිශ්ශබ්දව සිටින සහ අනෙක් පාර්ශ්වය දිනපතා කරන දේට සහාය දෙන සෑම කෙනෙකුම නියත වශයෙන්ම සතුරෙකු වන බවයි.

අයිතිවාසිකම් කණ්ඩායම් විසින් යුද අපරාධ සිදු කළ බවට දෙපාර්ශවයටම චෝදනා එල්ල කර ඇති අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් සඳහන් කර තිබුණේ, ස්ත්‍රී දූෂණය ඇතුළුව යුද්ධයේ ආයුධයක් ලෙස ලිංගික ප්‍රචණ්ඩත්වය ආරම්භයේ සිටම මෙම අර්බුදයේ නිර්වචනය සහ නින්දිත ලක්ෂණයක් වන බවයි.

පසුගිය ජූනි මස අගදී, ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය (IPC) ප්‍රකාශ කළේ යුද්ධය නිසා සුඩාන ජාතිකයන් 755,000ක් පමණ ව්‍යසනයට මුහුණ දී ඇති බවත්, එහි මිලියන 8.5 ක ජනතාවක් උග්‍ර මන්දපෝෂණයට ලක්ව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලකුණු – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග...

විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...

හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු – නීතිපති දැනුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල 2023 වසරේදී ලන්ඩනයේ සිදුකළ සංචාරයක් සඳහා...