ලාඕසය සමඟ හොඳ සටනකින් පසු පරාජය

0
215

නිශ්මං රණසිංහ ජූලි 06, කොළඹ LNW:

ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පැවත් වූ කාන්තා පාපන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලද තෙවන පරාජය ලාඕසයට එරෙහිව වාර්තා වුණා.එය ගෝල 2-0 ක් ලෙසයි.ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 107 දරන ලාඕසය සහ 159 වන තැන සිටින ශ්‍රී ලංකාව අතර තරගයෙන් ලාඕසය ජය ගත්තත් ශ්‍රී ලංකාවට එම තරගය ජය ගැනීමේ අවස්ථාවන් කිහිපයක්ම මඟ හැරී ගියා.
ශ්‍රේණිගත කිරීම්වලට අනුව උස්බෙකිස්තානය සහ නේපාලය සිටින්නේ පිළිවෙළින් 50 වන තැන සහ 100 වන තැනයි.ඒ අනුව ශ්‍රී ලංකාව උස්බෙකිස්තානයට 10 – 0 ක් ලෙස හා නේපාලයට එරෙහිව 8 – 0 ක් ලෙස පරාජයට පත් වුණා.නේපාලය කෙතරම් ප්‍රබල ලෙස ඉදිරියට පැමිණ ඇද්ද යන්න දැන ගැනීමට එම දෙරට අතර පැවති තරගයේදී පැහැදිළි වුණා.උස්බෙකිස්තානය මේ තරගයේදී පළමු අර්ධයේ 3-1 ක් ලෙස ඉදරියට පැමිණියත්.දෙවන භාගයේදී නීති විරෝධි ලෙස ක්‍රීඩා කිරීම නිසා ඔවුන්ට ක්‍රීඩිකාවක් ැහිමි වෙනවා.එම වාසිය ගත් නේපාලය තරගයේ නිමාව 3-3 ක් ලෙස සටහන් කළත් නිදහස් පහරවලින් ලකුණු 7-5 ක් ලෙස උස්බෙකිස්තානයට ජය හිමි වෙනවා.එහෙත් නේපාලය ලබා දුන් සටන විශිෂ්ඨයි.


ඒ ආකාරයටම ලාඕසය ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින කණ්ඩායමක් වුවත්,ඔවුන් හා සම මට්ටමේ කටයුතු කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.වේගවත්ව ගලා ගිය තරගයේ දෙවන භාගයේදී ශ්‍රී ලංකාව යම් තරමකට හෙම්බත් වූ බවක් පෙන් වූ අතර නිත්‍ය දැල රකින්නිය ආබාධයකට ලක් වූ නිසා ශ්‍රී ලංකාව අතිරෙක් දැල රකින්නිය යොදවා ගත්තා.එහෙත් ඇය ඉතාම හොඳින් සිය කාර්යය ඉටු කළත් දෙවන අර්ධයේදී ලාඕසයේ ආක්‍රමණයේ බලපෑම වැඩි වෙමින් තිබුණා.


තරගය පුරාම ශ්‍රී ලංකාව තමන්ට එරෙහිව වාර්තා වී තිබූ ගෝල ප්‍රමාණයෙන් ලැබුණු පීඩනය මත හැසිරෙමින් සිටියා.ඔවුන් බොහෝ ශක්තියක් වැය කරමින් සිටියේ ප්‍රතිවාදීන්ට ගෝල ලබා ගැනීමට ඉඩ නොදීමටයි.ඒ නිසා ආක්‍රමණික ස්වභාවයේ යම් දියාරු ගතියක් තිබුණා.ආක්‍රමණයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව තරමට ප්‍රබල වුණානම් මේ තරගයේ ප්‍රතිපලය මීට වඩා වෙනස් වන්නත් තිබුණා.
ආරක්ෂාව සම්බන්ධයෙන් තම දැල වටා රොක් වීම වැඩි වූ විට යම් අපිළිවෙලක් සහ අපැහැදිළි තිීරණවලට පෙළඹිමේ වැඩිකමක් ශ්‍රී ලංකාවෙන් මේ තරගයේදීත් දකින්නට ලැබුණා.තරගය වේගයෙන් ගලා යන විට පන්දු හුවමාරුවේ ඉලක්කය වැරදෙන අවස්ථාවන්වලින් පැහැදිළි වුනේ වේගවත් වීම සහ නිසි හුවමාරුවේ ඉලක්කයන් සමබරව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අපොහොසත් බවයි.


ඒ නිසා මේ තරගාවලිය පුරාම පැහැදිළි වුණේ තරග අත්දැකීම් මදිකම සහ වෘත්තිමය මට්ටමෙන් ඒ නිසා පෙන්වන දුප්පත්කමයි.එය ක්ෂණික තීරණ ගැනීමටද බාධා ඇති කරන බව දකින්නට ලැබුණා.මේවාට විසඳුම් ලෙස හැකිනම් පිරිමි කණ්ඩායමට හඳුන්වා දුන් ආකෘතිය කැඳවීම වැදගත්.වැඩි තරග අවස්ථාවන් සොයා දීමත් ඊට ඇතුළත් විය යුතු වෙනවා.අවසාන වශයෙන් විදේශ සම්පත් කැඳවීම තරමටම ඔවුන්ව වැඩිපුර ලංකාවේ පොළව තුළ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සමඟ මුසුවන ආකාරයේ වෘත්තිමය ලීගයක් වැනි තරගාවලියක් ද වානිජමය වශයෙන් ඇති කිරීමත් වැදගත් වෙනවා.