හිටපු පළාත් සභා මන්ත්‍රී ඉනියභාරතී අත්අඩංගුවට !

Date:

නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනියභාරතී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් 2006 දෙසැම්බර් 15 වන දින කොළඹදී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් පසුගිය අප්‍රේල් 08 වනදා අත් අඩංගුවට ගෙන තිබුණු අතර මේ වනවිට ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටී.

පිල්ලෙයාන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වූ කරුණු මෙසේ ඉනියභාරතීව ද අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනියභාරතී යනු සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුත් TMVP පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායකවරයා ය. ඔහු කලක් LTTE සංවිධානයේ ඉදිරිපෙළ නායකයකු ලෙස ද කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...