එක්සත් ජනපදය ඇත්තටම ඊශ්‍රායලය අතහැර දැමීමට සූදානම්ද?

රෂිකා හෙන්නායක ජූලි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකා-ඊශ්‍රායල ‘විශේෂ සබඳතාව’ බිඳ වැටෙමින් පවතිනවාද?

1948 වසරේ ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවීමේ සිටම, එරට හමුදා ශක්තියේ පදනම වූයේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවති අවියෝජනීය සබඳතාවයි. දශක අටකට ආසන්න කාලයක් ලෝක දේශපාලනයේ ස්ථාවරම මිත්‍රත්වයක් ලෙස සැලකුණු මෙම ‘විශේෂ සබඳතාව’ වර්තමානයේ දරුණු දේශපාලනික භූමිකම්පාවකට මැදිව තිබේ. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෙන්ජමින් නෙතන්යාහු අතර වර්ධනය වන පෞද්ගලික වෛරය සහ වොෂින්ටනයේ දේශපාලන ප්‍රමුඛතා වෙනස් වීම, මෙම සබඳතාවයේ මරණ සහතිකය ලියැවෙමින් පවතින බවට ඉඟි පළ කරයි.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බොහෝ විට පෞද්ගලික විශ්වාසය මත ගොඩනැගුණද, ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර දැන් පවතින්නේ දැඩි පිළිකුලකි. මෑතකදී වූ බව කියන සහ ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂේප නොකරන ලද දුරකථන සංවාදයකදී, ට්‍රම්ප් විසින් නෙතන්යාහු "පිස්සෙකු" (Crazy) ලෙස හඳුන්වමින් දැඩි ලෙස බැන වැදී ඇති බව වාර්තා වේ. තමන් මැදිහත් නොවන්නට නෙතන්යාහු මේ වන විටත් දූෂණ චෝදනා මත සිරගතව සිටිනු ඇති බවට ට්‍රම්ප් එහිදී මතක් කර දී ඇත්තේ ඊශ්‍රායල අගමැතිවරයාගේ අකෘතඥභාවය ප්‍රශ්න කරමිනි.

“හැමෝම දැන් ඔබට වෛර කරනවා. මේ හේතුව නිසා හැමෝම ඊශ්‍රායලයට වෛර කරනවා.”

මෙම පෞද්ගලික ඝට්ටනය නායකයින් දෙදෙනෙකුගේ ආරවුලක් නොව, ඇමරිකානු පාලන තන්ත්‍රය තුළ ඊශ්‍රායලයේ ප්‍රතිරූපය කෙතරම් වේගයෙන් බිඳ වැටෙමින් පවතින්නේද යන්න පිළිබඳ පැහැදිලි කැඩපතකි.

වොෂින්ටනය සහ ටෙහෙරානය අතර නව සාම ගිවිසුමක් ඇති කර ගැනීම ට්‍රම්ප්ගේ ප්‍රධානතම විදේශ ප්‍රතිපත්ති ඉලක්කය වී ඇත. මෙහිදී ඉරානය ඉදිරිපත් කර ඇති ප්‍රධාන කොන්දේසිය වන්නේ ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයට එල්ල කරන ප්‍රහාර වහාම නතර කළ යුතු බවයි. එහෙත් නෙතන්යාහු ලෙබනනය සමඟ යුද්ධය දිගටම කරගෙන යාමට උත්සාහ කරන්නේ සිය දේශපාලන පැවැත්ම උදෙසාය.

මෙම ගැටුම හමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වන ජේ.ඩී. වෑන්ස් (JD Vance), ඉරානය සමඟ ඇති කර ගැනීමට යන ගිවිසුම විවේචනය කරන ඊශ්‍රායල අමාත්‍යවරුන්ට සෘජු අනතුරු ඇඟවීමක් කර ඇත. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කරන අවි ආයුධවලින් තුනෙන් දෙකක්ම නිපදවා ඇත්තේ ඇමරිකානු දෑත්වලින් බවත්, ඒවාට ගෙවන්නේ ඇමරිකානු බදු ගෙවන්නන්ගේ මුදලින් බවත් ඔහු අවධාරණය කළේය. මෙය ඊශ්‍රායලයට සිය ස්වෛරීභාවය ගැන නැවත සිතීමට බලකරන ප්‍රබල අනතුරු ඇඟවීමකි.

සාම්ප්‍රදායිකව ඊශ්‍රායලයේ ප්‍රබලම පදනම වූ රිපබ්ලිකන් පක්ෂය තුළ සිදුවන වෙනස වඩාත් විමතිය දනවන සුළුය. ‘MAGA’ (Make America Great Again) ව්‍යාපාරයේ ප්‍රබල හිතවාදීන් වන මාජෝරි ටේලර් ග්‍රීන් වැනි දේශපාලඥයින් දැන් ඊශ්‍රායලයට ලබා දෙන සහාය විවෘතව විවේචනය කරති.

වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ ප්‍රකට මාධ්‍යවේදී ටකර් කාල්සන්ගේ (Tucker Carlson) විශ්ලේෂණයයි. කාල්සන් පවසන පරිදි, ඊශ්‍රායලය යනු ට්‍රම්ප් පාලනයට ඇති ලොකුම තර්ජනයයි. ඔහු චෝදනා කරන්නේ ඊශ්‍රායලය විසින් ඇමරිකානු ජනාධිපතිවරයාව “පොළඹවා ගැනීම, ඒත්තු ගැන්වීම හෝ තර්ජනය කිරීම” (cajoled, convinced, threatened) මගින් ලෙබනනය වැනි රටවල් සමඟ තවත් අනවශ්‍ය යුද්ධයකට ඇමරිකාව ඇද දැමීමට උත්සාහ කරන බවයි.

ඊශ්‍රායලයේ පැවැත්ම රඳා පවතින සැබෑ සාධක දෙස බැලීමේදී, ඔවුන්ගේ හුදකලා වීමේ අවදානම මැනවින් පැහැදිලි වේ.

  • වසර 10ක් සඳහා ඇමරිකාව විසින් ඊශ්‍රායලයට ලබා දීමට එකඟ වී ඇති ඩොලර් බිලියන 38ක හමුදා ආධාර පැකේජය, ඇමරිකාව වෙනත් රටක් සමඟ ඇති කරගත් ඉතිහාසයේ විශාලතම එවැනි ගිවිසුමයි.
  • ගාසා තීරයේ සිදුවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඊශ්‍රායලයට එරෙහිව ඉදිරිපත් වූ යෝජනා හමුවේ ඇමරිකාව මේ වන විට හය වතාවක්ම සිය ‘වීටෝ’ (Veto) බලය භාවිතා කරමින් ඊශ්‍රායලය ආරක්ෂා කර ඇත.

මෙම අතිදැවැන්ත සහාය අහිමි වුවහොත්, ඊශ්‍රායලයේ ආරක්ෂක පද්ධතිය හෝ ජාත්‍යන්තර පිළිගැනීම පවත්වා ගැනීම ප්‍රායෝගිකව කළ නොහැක්කකි.

ඊශ්‍රායලයේ විරුද්ධ පක්ෂ නායකයින් වන යායිර් ලැපිඩ් සහ ගාඩි අයිසෙන්කොට් පෙන්වා දෙන්නේ නෙතන්යාහුගේ ක්‍රියාකලාපය නිසා ඊශ්‍රායලයේ විදේශ ප්‍රතිපත්තිය විනාශ වීමේ අද්දරටම පැමිණ ඇති බවයි. අයිසෙන්කොට් පවසන පරිදි, නෙතන්යාහුගේ අදූරදර්ශී පාලනය නිසා ඇමරිකාවට සිය තීරණ තනිව ගැනීමට සිදු වී ඇති අතර, එය ඊශ්‍රායලය තවදුරටත් හුදකලා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...