DDR විවාදය දවසේ කතානායකවරයාගේ හැසිරීම ගැන විපක්ෂ නායකවරයා අප්‍රසාදය පළ කරයි (VIDEO)

Date:

පක්ෂ නායක රැස්වීමේ දී පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය ගැන සාකච්ඡා කර යම් අවබෝධතාවකින් යුතුව පාර්ලිමේන්තුවට පැමිණියත් පසුගිය සෙනසුරාදා පැවැති දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විවාදයේදී ඊට පෙර දින පැවැති පක්ෂ නායක රැස්වීමේ දී එකගතාවට පත් වූ ආකාරයට විවාදය නොපැවැති බවත් එකඟ වූ ආකාරයට එදින සවස 7.30න් පසුත් මන්ත්‍රිවරුන්ට කතා කිරීමට අවස්ථාව ලබා දී ඉන් පසුව ඡන්දය පැවැත්වූයේ නම් මේ කිසිදු ගැටලුවක් පැන නොනගින බවත් මේ නිසා කතානායකවරයාගේ අපක්ෂපාතීත්වය, නිර්ව්‍යාජභාවය, විනිවිධභාවය හා විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ගැටලුවක් පැන නගින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පසුගිය දා පැවැති දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ විවාදයේ දී කතානායකවරයා හැසිරුණ ආකාරය සම්බන්ධයෙන් ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරමිනි.

පසුගිය සිකුරාදා පැවැති පක්ෂ නායක රැස්වීමේ දී විපක්ෂ නායකවරයා විසින් මෙම විවාදය දින 2කකට පවත්වන ලෙස ඉල්ලා සිටියත් කතනායකවරයා සහ සභානායකවරයා කියා ඇත්තේ දින දෙකක් අවශ්‍ය නොවන හෙයින් දින දෙකක කාලයට සමාන කාලයක් ගෙන රාත්‍රියේ පවා විවාදය පවත්වා අවසන් කරන බවයි. එසේම විවාදය සවස 7.30ට පවත්වන්නේ තවත් කථික මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රිවරියන් සිටින්නේ නම් ඔවුන්ගේ අදහස්වලට ද ඇහුම්කම් දීමෙන් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේ. නමුත් මේ සියලු යෝජනා අදහස් ක්‍රියාත්මක නොකර කතානායකවරයා විසින් ඒකමතික තීරණයක් ගෙන එදින කටයුතු කිරීම හෙලා දකින බව විපක්ෂ නායකවරයා පැවසීය.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ නැවත පක්ෂ නායක රැස්වීමට එන එක සම්බන්ධයෙන් පවා තමා කලකිරී ඇති බවත් කතානායකවරයා විසින් එම තීන්දු තීරණ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බලවත් කණගාටුව සහ අප්‍රසාදය යොමු කරන බව ද විපක්ෂ නායකවරයා කියා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...