*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

ගැහැණු බීමෙන් වැහෙන්න යන ඇත්ත වැටිල්ල

ආසියානු කණිෂ්ඨ දැල්පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට පත්වීම යනු බිද වැටීමක් නොවේය.ගැටළුව එය නැගිටීමක් නොවේය.තරගාවලිය පරාජයට හේතු වූයේ ක්‍රීඩිකාවන් අතර තිබුණු අන්තර් සබඳතාවයන් හී නොපෑහීමය.ඒ නිසා ජයග්‍රහණයට අවශ්‍යය වූ අනෙකාගේ රිද්මය අභිබවා යාම නැතිනම් අතික්‍රමණය කිරීම නොහැකි විය.විශේෂයෙන්ම කණ්ඩායම් නායිකාව ඇතුළු කිහිප දෙනෙක්ම ක්‍රීඩා කළේ අනවශ්‍යය කලබලයකින් නිසා පන්දුව ලබා ගැනීමේ සහ භාර දීමේ දුර්වලතා තදින් දැනෙන්නට විය.සිංගප්පූරු තරගයේදී මේ තත්ත්වය තදින් දකින්නට ලැබුණු අතර ඇය නායිකාව වීම නිසාම පිටියේ තැබිය යුතු නැත යන්න එම තරගාවලියේ තරගයෙන් තරගය සජීවී ව නරඹමින් සටහන් තැබූ අපි සඳහන් කළෙමු.


දැන් මේ පරාජය ගැන මතු කරන අදහස වන්නේ එක් දිනක මත්පැන් පානය කිරීම සහ සිගරට් බීමය.ඒ එක් තරගයකදීය.එය එසේනම් අනිත් තරග පරාජය වීමට හේතුව කුමක්ද?හැමදාම බිව්වා කියන චෝදනාව ද එල්ල නොවන්නේනම් එක පරාජයකට හේතුව බීමය.දැන් වහාම පරීක්ෂණ කර සෙවිය යුත්තේ අනිත් පරාජයන්ට හේතුය.
මේ ලංකාවේ මාර්කටින් මොඩලයේ හැටිය.ආගම සහ ඒ නිසාම මතුවන සදාචාරයට යම් කෙනිත්තීමක් කළ විට නොවැඩි සංස්කෘතික මිනිසා අවදිවීම සාමාන්‍ය තත්ත්වයකි.ඒ කාරණා නිසා එල්ලා මරා දැමීමේ තීරණවලට එන්න කිසිඳු ධනාත්මක කරුණක් සැළකිල්ලට ගන්නේ නැත.ක්‍රීඩා රටාවේ තිබුණ,ඇතැම් අවස්ථාවල ක්‍රීඩිකාවන් යෙදවීමේදී දකින්නට ලැබුණු අර්බූද සියල්ල වෙනුවට ශ්‍රී ලංකා කණිෂ්ඨ නෙට්බෝල් කණ්ඩායම මත්පැන් සහ සිගරට් නොබීවේනම් කුසලානය රැගෙන ඇවිදින්ය.
කණිෂ්ඨ තරගාවලියේ දී ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ අඩුවෙන් වුවත්,ජ්‍යෙෂ්ඨ අංශයේදී එසේ නොවේය.ඒ නිසාම ආසියාවේ හොඳම නෙට්බෝල් ජාතිය අප වන්නේය.වෙනසට හේතුව සරලව හදුනා ගනිද්දී ජාතික කණ්ඩායමේ සිටින්නේ වෘත්තීය මට්ටමට පැමිණි ක්‍රීඩිකාවෝය.ඔවුහු ත්‍රිවිධ හමුදාවකට හෝ කුමන හෝ බැංකු කණ්ඩායමකට නෙට්බෝල් ක්‍රීඩාවට මුල තැන දී ක්‍රීඩා කරති.ආයතන ඔවුන්ගෙන් සිය ආයතනවලට මූලිකවම අපේක්ෂා කරන්නේ ක්‍රීඩාවෙන් උපයා දෙන කීර්තිය ය.


දෙවන කාරණයේදී ඔවුන්ට හමුවන්නේ වෘත්තීය පුහුණුකරුවන්ය.අවුරුදු 21 න් පහළ තරගාවලියකදී පාසල් මට්ටමේ දක්ෂ පුහුණුතාරියන් හැටියට හමුවන ශාරිරික අභ්‍යාස ගුරුවරියන් යනු සෘජුව නෙට්බෝල් පුහුණුකාරියන් නොවේය.අඩුම ගාණේ දක්ෂතාවය හඳුනාගත් විට හෝ ඔහු හෝ ඇය එම කාර්යටම යොදවා අනිත් ගුරු රාජකාරීවලින් මුදවන සැළසුමක් පාසල්වලට නැත.එය පාසල්වලට කළ නොහැකි වන අන්දමේ ක්‍රමයක් ලංකාවේ අධ්‍යාපනයේ ද නැත.මේ නිසාම පාසල් දියණිවරු සිය අධ්‍යාපනයට වැය කරන කාලයට අමතරව නෙට්බෝල් සඳහා අද ඇතැම් විට වෘත්තීය පුහුණුකරුවන් පාසල්වලින් මිලදී ගැනීමද දකින්නට ඇත.ඒ දේ කරන්නේ කළ හැකි පාසල්ය.


මේ කණ්ඩායමට පුහුණුකාරිය ලෙස අමල්කා වන්නිතිලක එකතු වන්නේ ලංකාවේ පාසල් මට්ටමෙන් ඉහළම දස්කම් පෙන්වන පුහුණුකාරිය හැටියට ය.ඇය තවමත් පාසල් පුහුණුකාරියක ලෙස ඉහළ දස්කම් පෙන් වුව දඇයට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලැබෙන ආකාරයේ පුහුණුවක් හෝ අභ්‍යාසයක් ලැබී නැත.එසේ ලැබෙන්නේ තරගාවලි සඳහා සහභාගි වීමෙන්මය.ක්‍රිඩා අමාත්‍යංශය,අධ්‍යාපන අමාත්‍යංශය දක්ෂ යැයි හඳුනා ගැනීමෙන් පසු එය යම් වර්ග කිරීමකට ලක් කර ඔවුන් ජාත්‍යන්තර තරගකාරී මට්ටමට පෝෂණය කිරීමට පිළිගත් වැඩ පිළිවෙලක් සහ සැළසුමක් කොතනකවත් දකින්න නැත.


පරාජයට හේතු හැටියෙන් කතා කළ යුතු මේ කාරණා සඳහා වගකිව යුත්තේ කවුද?එම ප්‍රශ්න පසෙකය.තරගයක් සිගරට් බී මත්පැන් බී පරාජය වීම තෙවන ස්ථානයට පත්වීමේ හේතු පාඨය වී ඇත.සමස්ත වැරදි කන්දරාව යට ගොස් පරාජයට හේතු සාකච්ඡා කිරීමේ බරපතල කාරණය දැන් තිබෙන්නේ සිගරටු උගුරකට සහ මත්පැන් වීදුරවකට ලක් වීය.
මීට හේතුව ලංකාවේ ජන විඥාණයේ සිගරට් බොන එක අවුල් කියන එක තැන්පත් කර තිබෙන එකය.ඊ ළඟට මත්පැන් බීම අවුලෙනුත් අවුලට යන වැඩක්ය.ඒවා ගෑනු කළ බව කීම අවුලේ වර්ගපලය තවත් වැඩි කරන අතර එහි පළල අසීමාන්තික වන්නේ පාසල් දැරියන් ද ඊට සම්බන්ධ වූ බව කීමෙන්ය.අයියෝ කෙල්ලොත් බීල ද කියා ඇස් උඩ ඉන්දාගන්න මිනිස්සුන්ට ආතල් දීමෙන් එහාට ගොස් තරගයකට හෝ මත්පැන් හෝ සිගරට් බීම බාධාවක් වී ඇත්නම් ඒ තරගයට එසේ වූවාද කියා සෙවීම වැදගත් වුව ද,කොරියානු පරාජය ගැන හේතු වෙනම ක්‍රීඩා කිරීමේදී දකින්න ලැබුණ අඩු පාඩු ඔස්සේ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගත යුතුය.අඩුම තරමේ මේ කණ්ඩායම් තුනම සහභාගි වන ලෝක සූරතාවයේදී සිංගප්පූරුව සහ මැලේසියාව අභිබවා යා හැක්කේ එවිටය.


සාමාන්‍යයෙන් ලෝකයේ කොහේවත් මත්පැන් සහ සිගරට් හොඳයි කියන්නේ නැත.නමුත් ක්‍රීඩා කරන අයද ඇතුළුව මේවා භාවිතයට ගන්නෝ ද වෙති.එහි ගැහුණු පිරිමි බේදයක් නැත.නමුත් අපේ දියුණු නොවුණු සංස්කෘතික සත්වයාට මේ වැඩේ අවුල තදින්ම දැනෙන්නේ කාන්තාවක් ඊට සම්බන්ධ වූ විටය.කන පැලෙන්න බොමින් තර්ක කරමින් ඉන්න මොහොතක වුව ද,කාන්තාවක එහි බොමින් සිටිනවා දුටුවොත් අර සංස්කෘතික සත්වයා අවදිව අමු තිත්ත කතා කියමින් ඇයගේ චරිතයට වේසා පද පැවසීම සාමාන්‍ය තත්ත්වයකි.ඒ තරම් වරදක් වෙන නැත.ගැහැණුන්ට බොන්න බැරිය.බොන්න මිලදී ගන්න පෝලිමක සිටින්නටත් බැරිය.ඒ තරමට අපි දුප්පත්ය.ක්‍රීඩාවට බීම හෝ මත්පැන් බීම හොඳ නැති බව අපි දනිමු.නමුත් මේ කතාව සමාජයට එන්නේ ඉහත ගැහුණු කමට අනුචිත නිසා අයියෝ කෙල්ලොද බීලා තියෙන්නෙ කියා අසන කුණු රසයට ඇති වටිනාකමත් සමඟය.
එවිට තරගයකට පමණක් බලපාපු බීම සමස්තය වී සමස්ත පසුබැසීමට තුඩු දුන් හේතු වැසී ගොස් ඇත.පැරදුණේ ඇයි කියන කාරණයට අරක්කු සහ සිගරට් නොවන කීඩා රටාවේ තිබෙන අඩුපාඩුකම විශාල ලෙස සැළකිල්ලට ගෙන සාකච්ඡාවක් පැමිණියහොත් අපට ඊ ළඟ කණිෂ්ඨ ආසියානු සූරතාවය වගේම මෙවර කණිස්ඨ ලෝක සූරතාවයේදී සංගප්පුරුව සහ මැලේසියාව හෝ ඉන් එක් රටක් හෝ අභිබවා යා හැකිය.වඩාත් වැදගත් කටවල් ඉඹිමින් සිටීමට වඩා එම පරීක්ෂණය අතරතුරු ලෝක සූරතාවය සම්බන්ධයෙන් වැඩ කරන්නට සංචිතය ඇරඹීමය.පරීක්ෂණය අතරතුර එහි සිටින යම් අයෙක් තරගයට බාධාවන සේ මත්පැන් හෝ සිගරට් පානය කර ඇත්නම් එම අයට ඒ සඳහා දඩුවමක් දී නිවැරදි මාර්ගයට ගැනීම වැදගත් වන අතර එය රොෂාන් රණසිංහ පවසන පරිදි ජීවිතාන්තය දක්වා වුවහොත් කිව හැක්කේ රොෂාන් රණසිංහට මනුස්ස ජීවිතය අපරාදේ බවය.


අපිට බිම පමණක් නොව බොහෝ දේ පිරිමින්ට සුදුසුය,ගැහැණුන්ට නුසුදුසුය කියන කල් ඉකුත් වූ ලෝකයේ පිළුණු වූ න්‍යායෙන් මනින හිතක් තිබීම ඉවත් කර ගැනීමට උත්සාහ කළ යුතුය.එය ගැහැණියෙක් මත්පැන් බොනවාට,සිගරට් බොනවාට වඩා සමාජයට විෂ පෙවීමකි.නෙට්බෝල් ප්‍රශ්නයේ විශාල කුලකය ඇත්තේ සමස්ත පරාජයට හේතුව සෙවීම නම් වූ කොටසේය.නමුත් එය “බීමෙන් එක තරගයක් පරාජය වීම දක්වා කුඩා විමෙන්’, නෙට්බෝලයට ලබාගත හැකි ජයග්‍රහණය, ‘බොන ගෑණු චී’ යන සංකල්පධාරින්ට ආතල් එකක් දීම පමණක් යන්න තේරෙන සරල බසින් පැවසිය යුතුය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan