සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, කොළඹ (LNW):
අභාවප්‍රාප්ත, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ දේහය සිකුරාදා පෙරවරුවේ යාපනයේ සිට ත්‍රිකුණාමලය දක්වා රැගෙන ඒමට කටයුතු කෙරුණු අතර, මේ වන විට දේහය ත්‍රිකුණාමලය තැපැල් කාර්යාල පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.
දෙමළ ජාතික සන්ධානය පවසන්නේ, අද පස්වරුවේ, දේහය පිළිබඳව අවසන් කටයුතු ත්‍රිකුණාමලය හින්දු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත අතර, මැති ඇමතිවරුන් මෙන්ම ඉන්දීය දේශපාලන නායකයන් කිහිප දෙනෙකු ද අවමංගල්‍ය උත්සවයට එක්වීමට නියමිත බවයි.
