*
Wednesday, July 24, 2024
spot_img

Latest Posts

රටේ පෝළිම් යුගය අවසන් කළේ ජනපති රනිල් – ටිරාන්

සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, කොළඹ (LNW):

2025 වසරේ දෙසැම්බර් මාසය වන විට ලංකාවෙන්  පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

කුමන බලපෑම් පැමිණිය ද යුක්තිය  මෙහෙයුම නතර කරන්නේ නැතැයි කී අමාත්‍යවරයා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ඒ කාර්ය භාරය සිදු කරන බව වැඩි දුරටත් කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේ පැවති රැස්වීමක් අමතමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් පැවසූවේ,

” පසුගිය වසර දෙක දෙස ආපසු හැරී බැලීමේදී රටේ තිබු තත්වය කවුරුත් දන්නවා. ජනතාවට පෝලිම්වල දුක් විඳීමට සිදු වුණා. රටම ගිනිගෙන තිබුණා. රටට නායකයෙක් සොයා ගැනීම අසීරු වුණා. එම අවස්ථාවේ රටේ ජනතාව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා නිර්භීතව අගමැති ධූරය භාර ගනු ලැබුවා. ඊට මාස කිහිපයකට පසු එතුමා ජනාධිපති ධූරයද භාරගනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා සිටම සෑම අවස්ථාවම මේ රට දියුණු කරන්න වෙහෙස මහන්සි වුණා. රටේ පෝළිම් යුගය අවසන් කළා.

සමෘද්ධි දීමනාව වෙනුවට අස්වැසුම තුළින් ජනතාවට වැඩි සහනයක් ලබාදීමට කටයුතු කළා. කොපමණ ආර්ථික ගැටලු තිබුණ ද ශිෂ්‍යාධාර, වැඩිහිටි දීමනා ඇතුළු සහනාධාර ලබා දුන්නා.

වසර දෙකක් තුළ රට ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට එතුමාට හැකි වුණා. මෙම කටයුතු සඳහා රට තුළ නීතිය හා සාමය තහවුරු වී තිබීම අත්‍යාවශ්‍යයි. පාතාලය සහ මත්ද්‍රව්‍ය රටට විනාශයක්. එය පාලනය කිරීම වෙනුවෙනුයි අප මෙම වැඩපිළිවෙළ ආරම්භ කළේ. යුක්තිය මෙහෙයුම ආරම්භ කළේ මේ රටේ ජනතාව වෙනුවෙන්. මේ වසරේ ජුනි මාසය අවසන් වන විට මේ රටේ ක්‍රියාත්මක පාතාලය සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වෙනසක් ඇති කරන බව මම ප්‍රකාශ කළා. යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වුණේ විශාල අභියෝග මධ්‍යයේයි.

කුමන බලපෑම් පැමිණිය ද මෙම මෙහෙයුම නතර කරන්නේ නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට මේ රටෙන් පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කරන බවට පොරොන්දු වෙනවා

පළාතේ මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයන් ද, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan