*
Monday, July 22, 2024
spot_img

Latest Posts

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නිරතවූ බව කියන 11ක් මෙරටට පිටුවහල් කෙරේ!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, කොළඹ (LNW):

ඊයේ (06 ) දින සයිබර් අපරාධවල නිරත වූ බවට චෝදනා එල්ල කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කළ ශ්‍රී ලංකිකයන් 11 දෙනකු කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටිමින් සයිබර් අපරාධවල නිරතවූ බව කියන දකුණු ආසියානු සහ අප්‍රිකානුවන් සිය ගණනක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව කලීජ් ටයිම්ස් පුවත් පත ඉකුත් 01 වැනිදා අනාවරණය කර ඇති අතර, එම අනාවරණයත් සමග අත්අඩංගුවට පත්ව ඇති කණ්ඩායම අතර මෙරට පිරිස් සිටී දැයි සොයා බැලීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් අය අතර ශ්‍රී ලංකිකයන් 37 දෙනකු සිටින බවය. සයිබර් අපරාධ සහ ගණිකා ජාවාරමේ නිරත වීමේ චෝදනාව යටතේ ඔවුන් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද එම සොයා බැලීමේදී අනාවරණය වී ඇත.

විමර්ශන කටයුතු අවසන් වී ඇති ශ්‍රී ලාංකිකයන් 11 දෙනකු මෙරටට පිටුවහල් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගෙන සිටින සෙසු පිරිස සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතුවලින් අනතුරුව ඔවුන්ද මෙරටට පිටුවහල් කිරීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. දැනට මෙරටට පිටුවහල් කර ඇති 11 දෙනා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan