මෙවර අපි විද්‍යානුකූලව වී මිල නියම කළා . අඩු මිලට නම් වී විකුණන්න එපා – නි. ඇමති නාමල්

Date:

කොළඹ LNW:මෙවර විද්‍යානුකූලව වී මිල නියම කළ බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේය.

ඒ, අද (07) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවේදීය.

මේ වන විට වී මිලදී ගැනීම් ආරම්භ වී තිබෙන අතර පසුගිය කාලයේ ගොවිජන සම්මේලනය ලෙස කතා කළ දේවල්වලට ආණ්ඩුවක් ලෙස පණ පොවා ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රජය ඉතා සාධාරණ ලෙස වී මිල නියම කර ඇති හෙයින් අඩු මිලට වී අලෙවි නොකරන ලෙසත් වී මිලදී ගැනීමට රජය සූදානමින් සිටින බවත් නාමල් කරුණාරත්න මහතා පැවසීය.

මේ අතර රජයේ වී ගබඩා බොහොමයක් විවෘත කර නොමැති බවට අසත්‍ය පුවතක්ද ප්‍රචාරය වූ අතර ගොයම් කපන ප්‍රදේශවල වී ගබඩා විවෘතව තබන ලෙස උපදෙස් දී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

”මේ වෙනකොට වී මිලදී ගැනීම ආරම්භ කර තිබෙනවා. විවිධ කතා නිර්මාණය කරමින් තිබෙනවා. අපි පසුගිය කාලයේ ගොවිජන සම්මේලනය ලෙස වී මිල ගැන කතා කලා. අපි ආණ්ඩුව භාර ගන්න කලින් වී කිලෝ එකක නිෂ්පාදන මිල රු 99.75 යි. ඒ කාලයේ වී මිලදී ගත්තේ නෑ. එදා ගොවියාට සාධාරණයක් උනේ නෑ. ගොවීන් අඩු මිලට වී වික්කා. අපි මෙවර විද්‍යානූකූලව වී මිල නියම කලා.

රතු නාඩු නිෂ්පාදන වියදම රු 75යි. පාලන මිල 120යි. ඒ අනුව රු45 ක ලාභයක් තිබෙනවා. සම්බා වියදම 98යි. පාලන මිල රු 125. අපි ගෙනාපු සටන් පාඨයට පණ පොවලා තිබෙනවා. ඒ වගේම තෙත වී වලට මිලක් තිබුනේ නෑ. තෙත වී වලටත් අපි මිලක් නියම කරනවා. නාඩු කමතේ රු 102යි. නිෂ්පාදන වියදම රු 60යි. සම්බා රු 105යි. නිෂ්පාදන වියදම රු 79යි. අපි ගොවියා ආරක්ෂා කළා.

අපි ගොවීන්ට කියන්නේ අඩු මිලට වී දෙන්න එපා. රජය වී මිලදී ගන්න සූදානම්. වී මිලදී ගන්න අයත් අඩුවට ගන්න එපා. ගබඩා ඇරලා නෑ කියලා අද බොරු කතාවක් ගියා. ගබඩා බොහෝමයක් ඇරලා තිබෙනවා.ගොයම් කපන ප්‍රදේශවල ගබඩා විවෘත කරන්න කියලා උපදෙස් දී තිබෙනවා. ගොවියාගේ වී වලට සාධාරණ මිලක් අද නියම කළා. නිෂ්පාදන වියදම අපි ගණන් හැදුවා. ඒක පිළිගන්න වෙනවා. ඒ නිෂ්පාදන වියදමට 30% ක් අපි එකතු කළා.

වී මිලදී ගැනීමේ මිල වැඩි කලත් අපි පාරිභෝගිකයා ගැනත් හිතන්න ඕන. අපි රජයක් ලෙස තීන්දු ගන්නේ පාරිභෝගිකයා, අතරමැදියා ගොවීන් යන තුන් කට්ටියම ගැන හිතලයි. අපි ආණ්ඩුව ගත්තම වගා හානි වලට වන්දි ගෙව්වා. වගා වන්දි ගෙවලා අවසන් කර තිබෙනවා.

හාල් වෙළෙදපොලේ කවුරු හරි අලකලන්චියක් කරන්න හදනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නෑ.” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...

ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?

සටහන – පුලී නොවැම්බර් 08, කොළඹ (LNW): මෙය පොදු මකුළු...

ඉන්දුනීසියානු පාසල් පල්ලියක පිපිරීමක් හේතුවෙන් 54 දෙනෙකුට තුවාල: සැකකරුට වයස 17යි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියානු අගනුවර...