*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

මහබැංකුවේ සමහරුන්ට ඕනෑ උතුරු කොරියාවේ ඉන්න – රනිල්ගෙන් දෝස්මුරයක් ! (VIDEO)

ශ්‍රී ලංකා මහබැංකුවේ ඇතැම් නිලධාරීන්ට වුවමනා වී ඇත්තේ උතුරු කොරියාවේ මෙන් පාලනයක් ගෙනයෑමට බවත් තමන් ඊට එකඟ නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විමල් – විදේශ විනිමය පනත ඔබතුමාගෙ ආණ්ඩු කාලෙ රවී කරුණානායක ඇමතිතුමා 2017දී සම්පූර්ණ ලිබරලයිස් කළා. ඒ කියන්නෙ යමෙක් විදේශ විනිමය උපයැව්වොත් ඒක ගේන්න අත්‍යාවශ්‍යම නෑ ලංකාවට. නොගෙනාවොත් කරන දඬුවම් ඒකෙ නෑ. ඒ නිසා ගේන්නෙ නෑ, වෙන වෙන තැන්වල ඒවා පාක් කරලා තියන්න පුළුවන්. මහබැංකුවෙ නිලධාරීන් උසාවි ගියාම අන්ත අසරණ වුණා විදේශ විනිමය නොගෙනාපු කෙනෙකුට එරෙහිව පියවර ගත්තාම. මේ වගේ අර්බුදයක් තියෙන වෙලාවක ඒ පනතට අතවත් තියලා නෑ. 22 ට වඩා ඒක ප්‍රමුඛයි. ඇයි ඒක වෙනස් කරන්නෙ නැත්තෙ ?

අගමැති – ඇත්ත වශයෙන්ම ඒක ක්‍රියාත්මක කරද්දී වැඩියෙන් විදේශ විනිමය අපේ රටට හම්බුණා, අපි බැලුවොත් 2018 – 2019. පරණ ක්‍රමයෙන් මුදල් ආවෙ නෑ ලංකාවට. කවුරුත් ගෙනාවෙ නෑ. මේ අලුත් ක්‍රමය නිසා තමයි මුදල් ගේන්න පුළුවන්, ආපහු ගෙනියන්න පුළුවන්. අපි ගෙනාවෙ අනිත් හැම රටකම තියෙන නීතියක්. ඒ නීතිය වෙනත් එකක් නෙවෙයි, ලෝකෙ හැම රටකම තියෙන නීතියට සමාන්තර එකක් ගෙනාවෙ. ඔබතුමායි මායි අතරේ ඒ ගැන වෙනස් මතයක් තියෙන්න පුළුවන්. ඒත් මේක නිසා රටට ඇතුළු වෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩිවුණා.

විමල් – මහබැංකුවෙ වර්තමාන අධිපතිතුමා කෝප් කාරකසභාවට හරි මොකක්හරි කාරකසභාවකට ආවාම එතුමා සඳහන් කරලා තියෙනවා මේ විදේශ විනිමය පනතේ සංශෝධනය නිසා සාමාන්‍යයෙන් මාසෙකට ඩොලර් මිලියන 300කට වඩා ආදායමක් රට ඇතුළට එන්නෙ නෑ කියලා. මම නෙවෙයි කියන්නෙ මහබැංකුවෙ අධිපතිතුමා. ඔබතුමා කියනවා නෑ, විදේශ විනිමය ගලා ඒම වැඩිවුණා කියලා. ගලා එන්න විදියක් නෑනෙ, ඒ නීතියෙන් දිරිගන්වන්නෙ විදේශ විනිමය ගේන්න නෙවෙයි වෙන රටවල්වල ස්ථාපිත කරගන්න. ඒ නිසා සාකච්ඡාවක් කැඳවලා තීරණයක් ගන්න.

අගමැති – කවුරු කිව්වත් මං ඒකට එකඟ වෙන්නෙ නෑ. හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාත් තහවුරු කරයි, මුදල් වැඩියෙන් ඇවිල්ලා තියෙන්නෙ විදේශ විනිමය කළමනාකරණ පනත නිසා තමයි. මේ හැම රටේම තියෙන එකක්. අනිත් රටවල ගියාම මෙහෙම මේවා ගන්න වැඩක් නෑ

විමල් – ඉන්දියාවෙ නෑ

අගමැති – මේ ඉන්දියාව කරන හැම එකක්ම අපි කරන්නෙ නෑ. අද රටට මේක හොඳයි. මේක වැඩිවෙනවා. ඇත්ත වශයෙන්ම මහබැංකුවේ සමහර නිලධාරීන්ට පාලන මේකක් තියෙනවා. ඒගොල්ලොන්ට ඕනෙ ඇත්ත වශයෙන්ම උතුරු කොරියාවෙ ඉන්න. ඒකට මම එකඟ වෙන්නෙ නෑ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan