*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නිසා බයිඩන්ගේ දේශගුණික ප්‍රතිපත්තිය නරක අතට

එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් බලයට පැමැණෙන්නේම ආකර්ශනීය දේශගුණික ප්‍රතාපත්තියක් සමඟය. ඔහු එහිදී හඳුන්වාගනු ලැබුවේ දේශගුණික ජනාධිපතිවරයෙකු වශයෙනි. 2030 වන විට එක්සත් ජනපදය සිය විමෝචනය අඩකින් කපා හරින බවට ජනාධිපතිවරයා සපථ කර ඇති නමුත් මෙම කොන්ග්‍රසයේ නීති සම්පාදනය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු තීරණ, මාර්ග බාධක හේතුවෙන් ජනාධිපතිවරයාගේ දේශගුණික ප්‍රතිපත්තතිය අභියෝගයට ලක්ව ඇත.

කොංග්‍රසය හෝ විශේෂඥ නියෝජිතායතනය වෙනුවට දේශගුණ ප්‍රතිපත්ති පිළිබඳ අධිකරණය තීරණ ගැනීම හේතුවෙන් රට පුරා උද්ඝොෂණ පැවැත්වෙන අතර ඔවුන් සිය අප්‍රසාදය හා කලකිරීම එයින් ප්‍රදර්ශනය කරනු දක්නට ලැබේ.

පසුගිය සතියේ ගල් අඟුරු බලාගාරවලින් විමෝචනය නියාමනය කිරීමට එක්සත් ජනපද පාරිසරික ආරක්ෂණ ඒජන්සියට (EPA) ඇති හැකියාවට ශ්‍රේෂ්ඨාධිකරණය මංචු දමනු ලැබුවේ විනිසුරුවන් 6න් 3ක පිටුබලයක් සමඟයි. මෙම තීරණය ඇමරිකාවට පමණක් නොව සමස්ත ලෝකයටම බලපෑම් කළ හැකි තීරණයක් බවට පත්ව ඇත.

පැහැදිලි කොංග්‍රස් අනුමැතියකින් තොරව ගල් අඟුරු බලශක්ති උත්පාදනය ක්‍රමානුකූලව ඉවත් කිරීමට එක්සත් ජනපද ආන්ඩුවට එහි පවතින බලතල භාවිතා කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරනය දුන් තීන්දුව, ලෝක නායකයන් පරිසරවේදීන් දේශගුණික හා කාලගුණික විද්‍යාඥයන් යන සියලුම දෙනා මේ පිළිබඳව බලවත් කනස්සල්ලකට පත් කිරීමට සමත්ව ඇත. බොහෝ දෙනා අනතුරු අඟවන්නේ ජෝ බයිඩන්ගේ මැතිවරණය දේශගුණික අර්බුදයට අවසාන වශයෙන් තීරණාත්මක ලෙස මුහුණ දෙනු ඇති බවයි.

බංග්ලාදේශයේ දේශගුණික විපර්යාස සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සලීමුල් හක් මේ පිළිබඳව ප්‍රකාශ කර තිබුණේ වඩාත් දරුණු තාප තරංග, ගංවතුර, නියඟ සහ සමාජ නොසන්සුන්තාවයෙන් ප්‍රකාශ වන, සැබවින්ම ව්‍යසනකාරී වීමට පෙර ගෝලීය උණුසුම සීමා කිරීමට කටයුත් කිරීම වැදගත් බවයි. මෙහි හානිය සංවර්ධනය වෙමින් පවතින රටවල් කෙරේ වඩාත් වැඩිපුර බලපෑම් කරනු ඇති බව ඔහු මෙහිදී සඳහන් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ ”දේශගුණික බිඳවැටීම් වලක්වා ගැනීම සඳහා රටවල් දැඩි ලෙස අසමත් වූ අවස්ථාවක මෙම තීන්දුව පසුබෑමක් බවයි. ”

හිටපු එක්සත් ජනපද උප ජනාධිපති අල් ගෝර් පැවසුවේ මෙම තීන්දුව “දේශගුණික විසඳුම් සඳහා ප්‍රගතිය ප්‍රමාද කිරීමට, බාධා කිරීමට සහ බිඳ දැමීමට ෆොසිල ඉන්ධන ලොබිය සහ එහි සහචරයින් විසින් දශක ගණනාවක බලපෑමේ සහ සම්බන්ධීකරණයේ ප්‍රතිඵලයක්” ලෙස ප්‍රකාශ කර තිබිණි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් පෙට්‍රල් මිල ඉහළ යාමට හේතු වී ඇති අතර නිෂ්පාදනය වේගවත් කරන ලෙස තෙල් සමාගම්වලින් ඉල්ලා සිටීමට ජනාධිපතිවරයා පෙළඹී තිබේ. මේත් සමඟ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ට වඩා අඩු මට්ටමක තබා ගැනීමට එක්සත් ජනපදයේ කැපවීම පසුබසිනු ඇත. මෙය බරපතල තත්වයකි. මේ වෙනුවෙන් කොංග්‍රසය ක්‍රියාත්මක නොවන්නේ නම් 2030 වන විට දේශගුණික ඉලක්ක සපුරා ගැනීම හිතලුවක් වනු ඇත. මේ වන තෙක් එක්සත් ජනපදය තුළ තවමත් ජාතික දේශගුණයක් හෝ බලශක්ති ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවන තත්වයක් දක්නට ලැබේ.



SM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan