*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

විදේශ විනිමය ඩොලර් මිලියන 10,700 ගෙන්වා ගැනීමට හැකියාව තිබියදී ලංකාව ඩොලර් මිලියන 78 කට බිය වී ණය පැහැර හැරි හැටි!

ණයහිමි පාර්ශවයකට ඩොලර් මිලියන 78 ක ණය වාරිකයක් ගෙවීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වීම හේතුවෙන් ණය පැහැර හැරීමක් (බංකොලොත්භාවයක්) ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන කටයුතු කළ බව පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේවෙතත්, මොවුන් දෙදෙනා විසින් ණය පැහැර හැරීමක් ප්‍රකාශයට පත්කර තිබෙන්නේ, මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය විසින් “සේතු මූල්‍යකරණය” (bridging finance) සහ අනෙකුත් මුදල් ගලා ඒම් ඔස්සේ ඩොලර් මිලියන 10,700 ක මුදලක් රට තුළට ගෙන්වා ගැනීමට පිඹුරුපත් සකස්කරමින් සිටි කාලවකවානුවක බව දැන් අනාවරණය වෙමින් පවතී.  

2022 මාර්තු අවසානයේ තොරතුරු අනුව, 2022 වර්ෂය සඳහා “අපේක්ෂිත” (pipeline) විදේශ විනිමය ගලා ඒම පහත පරිදි විය:

මීට අමතරව, වාණිජ බැංකු හරහා රැස්කරගනු ලබන ශුද්ධ අපනයන ක්‍රියාපටිපාටිවලින් සියයට 25 ක මහ බැංකුව වෙත යොමු විය යුතු “අනිවාර්ය” විදේශ විනිමය (mandatory surrender) හරහා මසකට ඩොලර් මිලියන 300 පමණ ලබා ගැනීමට ද මහ බැංකුව අපේක්ෂා කරමින් සිට ඇති බවට අනාවරණය වේ. මෙයින් අදහස් කෙරෙනුයේ, 2022 දෙසැම්බර් මාසයෙන් අවසාන වන මාස 09 තුළ තවත් ඩොලර් මිලියන 2,700 ක මුදලක් ලබා ගත හැකිව තිබූ බවයි.

අවාසනාවකට ණය පැහැර හැරීමේ ක්ෂණික නිවේදනය නිසා, කලින් සාකච්ඡා කර එකඟ වූ SWAP පෙරළීම සහ වාණිජ බැංකුවලින් ලැබෙන යොමුවීම් හැරුණු විට, ඒ සියලු මුදල් ගලාඒම් ඇණහිට තිබේ.

ඉහත වගුවේ (*) ලෙස සලකුණු කර ඇති අපේක්ෂිත විදේශ විනිමය ඔස්සේ එකතුවීමට තිබූ ඩොලර් මිලියන 7,150 ක පමණ මුදල් කෙටි කාලීනව ක්‍රියාවට නැංවීමට බොහෝ දුරට ඉඩ තිබූ අතර, මේ මත මෙම ණය පැහැර හැරීම පැහැදිලි කළ නොහැකි සහ සම්පූර්ණයෙන්ම පාහේ නොසැලිකිමත්භාවය මත ගත් තීරණයක් බව පැහැදිලිය.

එමෙන්ම, මෙම වගකීම් විරහිත සහ සාධාරනීකරණය කළ නොහැකි නීති විරෝධී තීරණය ශ්‍රී ලංකාව “බංකොලොත්” ජාතියක් ලෙස ආර්ථික හා මූල්‍යමය වශයෙන් අගාධයකට තල්ලුකර දැමීමට සමත්වූ අතර, ලෝකය තුළ හුදකලා රටක් බවට පත්කරමින් ඉදිරි වසර ගණනාවකටම දරුණු ප්‍රතිවිපාක ඇතිකරන තත්ත්වයකට රට පත්කර ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan