නීති විරෝධී මිනිස් සංක්‍රමණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා දැඩි නීති ගේනවා – ප්‍රමිත

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම පිළිබඳ ප්‍රකාශයක් සිදු කළා.

ඒ ඉන්දියන් සාගරය ඔස්සේ සිදුවන නීති විරෝධී මිනිස් සංක්‍රමණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬපැවැත්වීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන බවයි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව මෙන්ම ලංකාව ද දැඩි අවධානයක් යොමු කර ඇති බවයි.

තවද, මේ දිනවල පවතින අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු ක්‍රියාවට නංවා ඇති අතර , ආපදා සහන සැලසීමේදී පවතින චක්‍රලේඛ අවභාවිත වීම වළක්වාලීම සඳහා අවශ්‍ය සංශෝධන ගෙන එන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළා.  දිස්ත්‍රික්ක 11ක පවුල් 594ක පුද්ගලයන් 2247ක් පමණ පීඩාවට පත්ව සිටින තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වෛරිත්ව බැඳුම්කර ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද ?

මෙය පාඨකයෙකු විසින් පෞද්ගලිකව අසා ඇති ප්‍රශ්නයකට ලබා දෙන...

සෞදි ආරක්ෂාවට තුර්කිය සහ පාකිස්තානයෙන් හමුදා සහාය; යේමනයේ හූතිවරුන්ට එරෙහි මෙහෙයුම් දැඩි වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: යේමනයේ...

අන්තර්ජාල සූදුවේ නිරත වූ විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : තලංගම පොලිස් ස්ථානයේ...

සිරගත කර සිටින හිටපු පාකිස්තාන අගමැති නිදහස් කරන මෙන් ඉල්ලා දහස් ගන්නක් වීදි බසියි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: පාකිස්තානයේ සිරගත...