*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

දඹුල්ලට පළමු ජය,ගියවර සූරයින් වූ කැන්ඩි අන්තිමට වැටෙයි

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 08, (LNW) කොළඹ :
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම ප්‍රථම ජය වාර්තා කරන්නට සමත් වූ අතර ඉකුත් තරගාවලියේ සූරතාවය දිනූ කැන්ඩි කණ්ඩායම ලකුණු සටහනේ අන්තිමයා දක්වා පහළ වැටී ඇත.


තරගාවලියේ මේ වන විට පෙරමුණ ගෙන සිටි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ලකුණු වේගය හරහා යම් අභියෝගයක් එල්ල කරමින් සිටි කළම්ඹු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට, දඹුල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ කුසල් ජනිත් පෙරේරා සහ රිසා හෙන්රික්ස්ගේ විශිෂ්ඨ ආරම්භය පදනම් කරගෙන කඩුලු 8 ක පරාජයක් අත් විඳින්නට සිඳු විය.කළම්ඹු කණ්ඩායම පන්දු ඕවර් 20 නිමාවේ කඩුලු 6 ට ලකුණු 185 ක් ලබා ගත්ත ද,එම ලකුණු ප්‍රමාණය 18 වන ඕවරයේ පස්වන පන්දුවේදී ඉක්මවා යමින් කඩුලු 2 ට ලකණු 186 ක් රැස් කරන්නට දඹුල්ල කණ්ඩායමට හැකි විය.

කළම්ඹු ඉණිම හැඩ කළ ගේන් පිලිප්ස් නැවත වරක් අර්ධ ශතකයක් ලබමින් පන්දු 36 දී ලකුණු 52 ක් රැස් කරන්නට සමත් විය.ඇන්ජලෝ පෙරේරා ලකුණු 41 ක් සහ රහ්මදුල්ලා ගුර්බාස් ලකුණු 36 ක් රැස් කළ අතර තරගයේ අවසාන භාගයේ දී චාමික කරුණාරත්න ක්‍රියාත්මක වෙමින් පන්දු 12 දී ලකුණු 27 ක් රැස් කරන්නට සමත් විය.දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් පරිනත නායකත්වයක් ප්‍රදර්ශනය කළ මොහොමඩ් නාබි පන්දු යැවීමේදී ද ලකුණු 20 ට කඩුලු 2 ක් දවා ගනිමින් කැපී පෙණින.නුවන් තුෂාර වෙනුවට ඊයේ කණ්ඩායමට කැඳවා තිබූ නුවන් ප්‍රදීප් පළමු පන්දු ඕවරයේ දි ප්‍රහාරයකට ලක් වුව ද,ඉනික්බිති පාලනයකින් යුතුව පන්දු යවමින් පන්දු ඕවර් 4 ලකුණු 41 ට කඩුලු 2 ක් දවා ගනිමින් නිමා කරන්නට සමත් විය.

පිළිතුරු ඉණිමේ දී කුසල් ජනිත් නැවත ලකුණු අතරට එමින් පන්දු 50 දී ලකුණු 80 ක් රැස් කරන්නට සමත් වූ අතර රිසා හෙන්රික්ස් පන්දු 39 දී ලකුණු 54 ක් ලැබීය.ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු ඕවර් 15.4 ක් තුළ ඔවුන් දෙදෙනා තැබූ ලකුණු 154 ක සබඳතාවය දඹුල්ල කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු වරට ජයග්‍රහණය භුක්ති විදීමට මඟ සකස් කර දුන්නේය.පහතින් ලකුණු පූවරුවට පිවිසිය හැකිය.
https://es.pn/3XPcLlF

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නායකත්වය දෙන වනිඳු හසරංගගේ නායකත්වය ඇතුව ප්‍රබල සහ අත්දැකීම් ඇති ක්‍රීඩකයින් රැසකගේ දායකත්වයද ඇතුව තරග කරන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඊයේ ගෝල් මාවර්ලස් කණ්ඩායම ඉදිරියේ කඩුලු 6 න් පරාජය ලැබීය.ක්‍රීඩක නම් පෙළ ගත් විට ප්‍රබල වුව ද,ලෝක කුසලානයේ දරුණු පරාජය සහ විවේචනයන්ට සසැලී සිටින වනිඳු හසරංග තමන් කෙරෙහි එල්ල වන විවේචනාත්මක කරුණු හමුවේ ගනු ලබන දඩබ්බර තීරණවලින් තමන්ටද කැණ්ඩි කණ්ඩායමට ද පරාජයන් සහ අපවාදයන් එකතු කරන්නෙකු බවට පත් වී සිටීම කැන්ඩි කණ්ඩායමේ පරාජයන්ට තදින් හේතු වී ඇති බව පෙනේ.මෙවර තරගාවලියේ දී පළමු වරට ලකුණු අතරට එමින් පන්දු 32 දී ලකුණු 65 ක් ලබා කැන්ඩි ඉණිම කඩුලු 7 ට ලකුණු 175 දක්වා ඔසවා තබන්නට දායක වුව ද,තරගය ජයග්‍රහණය කරා මෙහෙයවන්නට වනිඳුට හැකියාව නොලැබිණි.
ඉසුරු උදානට ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසියේ දී ලැබුණු ඉල්ලුමට සාධාරණය ඉටු කරමින් ගෝල් කණ්ඩායම වෙනුවෙන් දෙවන වරටද තරගයේ වීරයා බවට පත් වෙමින් ලකුණු 30 කඩුලු 3 ක් ලබා ගෝල් කණ්ඩායමේ මුල සිඳ බිඳ දමන්නට ඉසුරු දායක විය.
පිළිතුරු ඉණිමේ දී ගෝල් කණ්ඩායම නියෝජනය කරන නවසීලන්ත ක්‍රීඩක ටිම් සිෆර්ට් පන්දු 49 දී නොදැවී එක් කළ ලකුණු 82 මත පදනම්ව ගෝල් කණ්ඩායම ජයග්‍රහණය කරා පහසුවෙන් පිවිසිණ.අලෙක්ස් හේල්ස් පන්දු 19 දී එකතු කළ ලකුණු 38 සමඟ ටිම්,දෙවන කඩුල්ලට එකතු කළ ලකුණු 79 තරගයේ ජයග්‍රහණය ගෝල් කන්ඩායම පැත්තට හැර වුණු ප්‍රදානම සබඳතාවය විය.ප්‍රහාරක වේගය ඉහළින් තබා ගෙන තරග කළ ඔවුන් පන්දු ඕවර් 17.1 දී සිය ජයග්‍රහණය තහවුරු කර ගන්නට සමත් වූයේ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 176 ක් ලබමින්ය.
ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකිය. https://es.pn/3Leqjzv

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan