එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් නැවතත් තීරුබදු ඉහළ දැමීම ප්‍රමාද කරමින් නව රටවල් සඳහා බදු පනවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුලි 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රථම වරට හඳුන්වා දුන් තීරුබදු පැනවීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද දින 90ක කාල පරාසය දීර්ඝ කරමින් නව විධායක නියෝගයකට ඊයේ(07)දිනයේදී අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, රටවල් 90ක් පමණ සඳහා ක්‍රියාත්මක කෙරෙන තීරුබදු අගෝස්තු 01වන දින සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර වෙළඳ සාකච්ඡා සඳහා ඇමරිකාව විවෘත කෙරේ, එක්සත් ජනපදය මේ වන විට එක්සත් රාජධානිය, චීනය සහ වියට්නාමය යන රටවල් තුන සමඟ ගනුදෙනු විසඳා ඇති අතර තීරුබදු පනවන ලද අනෙකුත් රටවල් සමඟ සාකච්ජා පවත්වමින් සිටියි.

මෙම රටවලට අමතරව ට්‍රම්ප් පහත සඳහන් රටවල් වෙනුවෙන් නව තීරුබදු අනුපාතයන් ප්‍රකාශයට පත් කර ඇත.

එනම්,
බංග්ලාදේශයෙන් භාණ්ඩ: 35%

බොස්නියාව සහ හර්සගොවිනාව: 30%

කාම්බෝජය: 36%

ඉන්දුනීසියාව: 32%

ජපානය: 25%

කසකස්තානය: 25%

ලාඕසය: 40%

මැලේසියාව: 25%

මියන්මාරය: 40%

සර්බියාව: 35%

දකුණු අප්‍රිකාව: 30%

දකුණු කොරියාව: 25%

තායිලන්තය: 36%

ටියුනීසියාව: 25% ආදී වශයෙනි.

කුමන හේතුවක් මත හෝ එක්සත් ජනපද අපනයන සඳහා රටවල් අමතර තීරුබදු පැනවුවහොත්, මෙම තීරුබදු නැවත වරක් 25%කින් ඉහල නංවන බවට තර්ජනය කර ඇති අතර ට්‍රම්ප් BRICS රටවල්වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලට අමතර 10% ක බද්දක් පනවන බවට ප්‍රකශ කර තිබේ.

කෙසේ නමුත් BRICS රටවල් ඔවුන්ගේ 17වන සමුළුවට සමගාමිව කණ්ඩායමේ නායකයින් ඉරිදා(06) ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, ඒකපාර්ශ්වික තීරුබදු ඉහළ යාම පිළිබඳ බරපතල කනස්සල්ල ප්‍රකාශ කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...

මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...