සිංගප්පූරුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය

Date:

සිංගප්පූරුවේ රජය විසින් ඊයේ (07) දිනයේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකුට මරණීය දණ්ඩනය නියම කර ඇත. 48 හැවිරිදි සිංගප්පූරු ජාතික Norasharee bin Gous,සහ 31 හැවිරිදි මැලේසියානු ජාතික Kalwant Singh, වෙනුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක වන අතර සිංගප්පූරු බන්ධනාගාර සේවය CNN වෙත විද්‍යුත් තැපෑලෙන් දැනුම් දී ඇත.

ඔවුන් සිං හෙරොයින් ග්‍රෑම් 60.15 (අවුන්ස 2.1) ළඟ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120.9 ක් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී ඇත. සිංගප්පූරු නීතියට අනුව හෙරොයින් ග්‍රෑම් 15 (අවුන්ස 0.5)තමා සන්තකයේ තබා ගැනීම, මත්ද්‍රව්‍ය වැරදි ලෙස භාවිත කිරීමේ පනත යටතේ අනිවාර්ය මරණීය දණ්ඩනයට හේතු වේ.
මේ වන විට සිංගප්පූරුවේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ පුද්ගලයන් 4 දෙනෙකු වෙනුවෙන් මරණ දණ්ඩනය ලබා දී ඇත. බොහෝ උද්ඝෝෂකයින් සමාව ඉල්ලා සිටි අතර ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මැලේසියාව මෙම සතිය මුලදී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සිංගප්පූරුවේ එල්ලා මැරීමේ “නව රැල්ලක කොටසක්” ලෙස පෙනෙන්නට ඇති බවයි.
හෙරොයින් ග්‍රෑම් 42.7ක් (අවුන්ස 1.5ක්) ජාවාරම් කිරීම සම්බන්ධයෙන් 2009දී අත්අඩංගුවට ගනු ලැබූ මැලේසියානු පුරවැසියෙකු වූ 34 හැවිරිදි නාගේන්ද්‍රන් කේ. ධර්මලිංගම් 2010දී මරණ දණ්ඩනයට නියම විය. ඉනි අනතුරුව අනාවරණය වූයේ ඔහු බුද්ධිමය වශයෙන් යම් ආබාධිත තත්වයකට පත් වූවෙකු බවයි. මේත් සමඟ රට තුළ ක්‍රියාත්මක වන මරණ දඬුවම දැඩිලෙස විවේචනය වන්නට විය.

මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා අනිවාර්ය මරණීය දණ්ඩනය අමානුෂික දඬුවමක් ලෙස මානව හිමිකම් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි පර්යේෂණ සඳහා නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ Emerlynne Gil බ්‍රහස්පතින්දා සිංගප්පූරුවෙන් ඉල්ලා සිටියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවන ලෙසයි. ඔහු වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ “සිංගප්පූරුව නැවත වරක් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට වරදකරුවන් වූ පුද්ගලයින්ට මරණ දණ්ඩනය ලබා දී ඇත, මහජන විරෝධය නොසැලකිලිමත් ලෙස නොසලකා හැර ඇත,” ලෙසයි. මරණ දණ්ඩන විරෝධී ආසියා ජාලය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත්තේ සිංගප්පූරුව විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම හේතුවෙන් ගෝලීය වශයෙන් රට හෙලා දැකීමට ලක්ව ඇති බවයි. එය නීතියේ ආධිපත්‍ය මඟින් සංවර්ධනය වන රාජ්‍යක් වන සිංගප්පූරුවේ ප්‍රතිරූපය විනාශ කරන බවයි.

SM-OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...