ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස් වන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා පාගමන මේ වන විට කොළඹ නගරය වෙත පැමිණෙමින් තිබේ.
කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිටිනුයි එය ආරම්භ කෙරුණේ.
ගෝල්ෆේස් අරගලය ආරම්භ කර මාස තුනක් සපිරෙන ජූලි මස 9 වන දාට මුළු රට ම එක්ව විරෝධතා දිනයක් ප්‍රකාශයක් පත් කර ඇති අතර එයට සමගාමීවයි අද මෙම විරෝධතා පා ගමන සහ උද්ඝෝෂණය සංවිධානය කර ඇත්තේ.
ඒ අනුව අද සිසුන් ප්‍රමුඛ විරෝධතාකරුවන් කොළඹ නගරයේ රැය පහන් කිරීමට නියමිතයි.
ASK
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2022/07/291878721_4850757831696078_3973911141814511992_n-1024x768.jpg)
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2022/07/292065081_4850790538359474_280852563562299974_n-768x1024.jpg)
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2022/07/292196173_4850754241696437_4512941405378904242_n-1024x768.jpg)