ඉරානය සමග තේ වලට තෙල් හුවමාරු කර ගැනීම ගැන ජනපති සොයා බලයි

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට ඉරාන තානාපති හෂෙම් අෂ්ජාසාදේ මහතා අතර සාකච්ඡාවක් අද කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. වෙළඳ හා ආයෝජන ක්ෂ්ත්‍රවල ද්විපාර්ශ්ව සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාවෙන් ඉරානයට තේ අපනයනය කර තේ වෙනුවට තෙල් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.

මේ අතර ඉරාන ආධාර යටතේ ඉදිවන උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, ඉරාන තානාපතිවරයා දැනුවත් කර ඇති අතර මෙගාවොට් 120 ක ධාරිතාවයකින් යුක්ත මෙම ව්‍යාපෘතියේ වැඩ කඩිනමින් අවසන් කිරීම සඳහා ඉරානය ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ස්තුතිය පුදකර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...