මීගමුවෙන් වෙනත් බන්ධනාගාරවලට මාරු කර යැවූ රැඳවියන්ට දරුණු පහරදීම් – ඔවුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නැයි හදිසි ඉල්ලීමක්

මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවූ රැඳවියන්ට එම බන්ධනාගාර තුළදී දරුණු ලෙස පහරදීම් සිදුව ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.

ඊයේ (07) රාත්‍රී 08.30ට හදිසි නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසා ඇත්තේ එසේ මීගමුවේ සිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරුකර යැවූ රැඳවියන්ට පහරදී ඔවුන්ගේ කකුල් කඩාදමා ඇති බවත් අමානුෂික පහරදීම්වලින් ඔවුන්ගේ පිටවල් පැලී බරපතළ තුවාල සිදුව ඇති බවත් ය.

එමෙන්ම ඊයේ රාත්‍රියේදී වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන්ට එරෙහිව තවත් දරුණු වධහිංසා පැමිණවීමේ සූදානමක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇති බවත් පවසා ඇති සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මෙම ක්‍රියාවන් නැවැත්වීම සඳහා වහාම මැදිහත් වන ලෙසයි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...