කොළඹ LNW:මීගමුව බන්ධනාගාර ගැටුමින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අනුව ගැටුමින් නිලධාරීන් 8 දෙනෙකු මිය ගොස් තිබෙන අතර සමස්ත මරණ ගණන 28ක් ලෙස දැක්වෙයි.
බන්ධනාගර නිලධාරීන් මෙලෙස පහර කෑමට ලක්වූයේ පසුගිය 06 වැනිදා ගැටුමේදී වන අතර රැඳවියන් ඉතා අමානුෂික ලෙස නිලධාරීන්ට පහර දී තිබුණි.
ගැටුමින් තුවාල ලැබූ 100කට අධික පිරිසක් මීගමුව මහ රෝහලට ඇතුළත් කළ අතර ඉන් බරපතළ තත්ත්වයේ සිටි 20 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර ඒවා ඇත.


