නටාෂා විඳිනවා කියල කියන නිදහස ගැන මට බයයි. ඒ කියන්නේ ඇත්තටම නටාෂා ගැනත් බයයි. නිදහස කියන දේ ගැනත් බයයි.
ලංකාව වගේ පොළොවක නිදහස කියන්නේ ඇඟ හිරිවැටෙන තරම් දෙයක්.
මොකක්ද ඔය අදහස් ප්‍රකාශ කරනවා කියල නටාෂා කරලා තියෙන්නේ. අර ”මෝඩාභිමානය” කියන එක දවසේ තඩි ගොබ්බ පිරිමි ටිකක් ඉස්සරහට ගිහිල්ල එයාලගේ ගේස් එකට (gaze) සහ කෑන් හිනාවට මොනවදෝ ස්ත්‍රී අවුල් ටිකකුයි, සුද්දෝධන කතාවකුයි ඇදල අතඇරිය එක.
එයා නිර්මාණශීලි අලුත් විශ්වයක් ගැන අදහසක් කිව්වද? නැහැ. අලුත් සමාජ ක්‍රමයක් ගැන පරිකල්පනයක් කලාද? නැහැ. ස්ත්‍රිය ගැනම වුණත් අලුත් දෙයක් කිව්වේ නැහැ. ඒක බලන්න ස්ත්‍රීන් ගිහිල්ල හිටියෙත් නැහැ.
එයා මේ සමාජයේ බර ඇත්තටම කරට අරගෙනද ඔය වචන ඒ මේ අත විසික්කලේ? නැහැ. නමුත් එයාගේ ”සේවය” දැන් වැදගත් වෙලා තියෙන්නේ ඇයි? සරලයි. ඒ තමයි සිංහල බෞද්ධයාගේ සරම ඔළුවෙන් ගලවන්න. සරම ඔළුව වටේ ඔතාගෙන දුවවන්න….
ඇත්තටම අලුත් අදහස් ප්‍රකාශ කරන්න ගිහිල්ල ලෝකේ දුෂ්කර තත්වයන්ට මැදිවුණු බොහෝ අය ගැන කතා නොකරන සමාජයක් ඇයි මෙච්චර නටාෂා ගැන වද වෙන්නේ?
අපිට සතුටු වෙන්න පුළුවන් සමාජයක බර කරට ගත්තම විතරයි. ඒ කියන්නේ ඇත්තටම සතුටු වෙන්න පුළුවන් සිසිපස්ලට විතරයි. එහෙම නැතුව ආවට ගියාට වචන විසිකරන එක ඇතුලේ නෙවෙයි. ඒක ජිජැකුත් පිළිගන්නවා. ජෝඩන් පීටර්සනුත් පිලිගන්නවා.
ඇත්තටම මේ ලිබරල් ක්‍රමය යටතේ අපි නිදහස් නැහැ. අපිට ඕනි දෙයක් කියන්න බැහැ. අපිට ඕනි දෙයක් කරන්නත් බැහැ. හැම තැනම තියන සයින්ස් (signs) වලින් කියන්නේ අරක කරන්න එපා මේක කරන්න එපා කියන එක. දැන් අපි ඒවා දැකල දැකල හෙම්බත් වෙලා. ඒ නිසා නටාෂල මොනවා හරි කිව්වම ඒක ‘නිදහස’ විදියට අපිට හිතනවා. අපි ඒකට ආකර්ෂණය වෙනවා.
කලිසමවත් ගලවන්න නිදහසක් නැති මේ ක්‍රමය ඇතුලේ කලිසම කවුරුහරි ගැලෙව්වොත් අපි ඒකට ආකර්ෂණය වෙනවා. ඒකයි අපි කියන්නේ මේ ක්‍රමය අපේ විපරීත බව හූරගෙන කනවා කියල. නටාෂා වගේම අපිත් ඒකෙ ගොදුරු.
මිනිස්සු ඉස්ලාම් මුලධර්මවාදයට ආශා උනේ ලිබරල් ලෝකයේ කරන්න බැරි දේවල් කරන්න එයාල ඉඩ දුන්න නිසා. සාමාන්‍ය ලෝකයේ මිණීමරන්න බැරි උනාට ඔබට අයිසිස් (ISIS) සාමාජිකයෙක් උණොත් මිණීමරන්න බලපත්‍රයක් ලැබෙනවා.
ඒකයි නිදහස සුවකරන්න බැරි රෝගයක් කියල කියන්නේ…
එළියට ආව එක ගැන සතුටුයි.
Freedom is disease without cure.
~ මහේෂ් හපුගොඩ
RN