*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

කොදෙව් පිතිකරුවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉක්මවා යන්නට බැරි වෙයි

ලෝක කුසලානය සඳහා සුදුස්සන් නම් කිරීමේ තරගාවලියේ සිටින හොඳම පන්දු යවන්නන් සිටින්නේ ශ්‍රී ලංකාවේ බව නැවතත් එම පන්දු යවන්නෝ ඔප්පු කළහ.විශේෂයෙන් ශ්‍රී ලංකාව සතු සුපිරිම දග පන්දු යවන්නන් දෙදෙනා වන මහේෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග අතරින් කොදෙව්වන්ට එරෙහි තරගයට ක්‍රීඩා කළේ තීක්ෂණ පමණකි.එහිදී තීක්ෂණ එම කරුණ මනාව සනාත කරමින් සිය පන්දු වාර 10 නිමා කළේ ලකුණු 34 ට කඩුලු 4 ක් ලබා ගනිමින් තරගයේ වීරයා වීමේ අවස්ථාවද දිනා ගනිමින්ය.
පන්දු යවන්නන් තේරීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසාන වරට සහභාගි වූ එක්දින තරග විශාල ප්‍රමාණයක ඉහළ දක්ෂතා දැක් වූ චාමික කරුණාරත්නට මේ තරගයේදී ද අවස්ථාවක් නොඳුන් අතර විස්සයි විස් තරගවලදී අය්පීඑල් තරගාවලියේ දී දෝනි සමඟ පෑහුණ මතීෂ පතිරණවම මේ තරගයට ද කැඳවමින් එම අඩුව නායක දසුන් ශානක පවරාගෙන තිබිණ.අද අලුතින් ශ්‍රී ලංකා වරම් ලද්දේ සහන් ආරච්චිගේය.පිතිකරු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ සහන් පන්දු යවන්නෙක් ලෙස මේ තරගයේදී ලකුණු 18 ට එක් කඩුල්ලක් ලබා ගත්තේ පන්දු ඕවර් 5 ක් යවමින්ය.වඩාත් ප්‍රහාරයට ලක් වූ ක්‍රීඩකයා වූ නායක දසුන් තරගයේ හතළිස් නව වන පන්දු ඕවරය යවමින් ශකයට ඉක්මණින් පිවිසෙන්න උත්සාහ කරමින් සිටි කොදෙව් ඉණිමේ සම්පූර්ණ ශක්තිය දරාගෙන සිටි කේසි කර්ටි ලකුණු 87 ට දවා ගත්තේය.


පළමුව පන්දුවට පහර දීමට කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායකයාගෙන් ආරාධනා ලද කොදෙව් කණ්ඩායම කඩුලු 7 ක් ලකුණු 123 ට අහිමි කර ගත්තේය.නමුත් අටවන කඩුල්ලට ලකුණු 26ඉ ක් ලබමින් රොමාරියෝ ෂෙපර්ඩ් කේසි සමඟ ගොඩ නැඟු ලකුණු 32 ක සබඳතාවයද,කෙවින් සින්ක්ලෙයාර් ලකුණු 25ක් ලබමින් කේසි සමඟ නවවන කඩුල්ලට එකතු කළ ලකුණු 63 ක සබඳතාවයද නිසා කොදෙව් ඉණිම ලකුණු 243 දක්වා ඇදිණ.


තීක්ෂනගේ කඩුලු 4 ට පසුව කැපී පෙණුන පන්දු යවන්නා වූයේ ලකුණු 49 ට කඩුලු 2 ක් ලැබූ දුශාන් හේමන්තය.
කොදෙව්වන් ලබාගත් ලකුණු 243 අභිබවා ලකුණු 244 සීමාවට එන්නට ශ්‍රී ලංකා ඉණිම ඇරඹූ දිමුත් කරුණාරත්න සහ පැතුහ් නිශ්ශංක අවශ්‍යය ලකුණු වේගයද රඳවා ගනිමින් පන්දු ඕවර 33ත3 දී පළමු කඩුල්ලට ලකුණු 190 ක් එකතු කර ගත් අතර එහිදී තරගාවලියේ දෙවන ශතකය ලබා සිටි පැතුම් නිශ්ශංක ලකුණු 104 ට දැවී ගියේය.දෙවන කඩුල්ල ලෙස සුපිරි ශතකයක් රැස් කළ පැතුම් නිශ්ශංකගෙන් පසුව ශ්‍රී ලංකාවට දිමුත් කරුණාරත්න ලකුණු 83 ට දැවී ගියේය.ඉනික්බිත් ජයග්‍රහණය සඳහා අවශ්‍යය ලකුණු 244 එන තෙක් ඉවසීමෙන් සහ සංයමයෙන් හැඩකාර පිති හරඹයක නියැලි ශ්‍රී ලංකා පිතිකරුවන් වෙනුවෙන් කුසල් මෙණ්ඩිස් කොදැවී ළකුණු 34 සහ සදීර සමරවික්‍රම නොදැවී 17 ක් ද රැස් කර ගත්හ.
තරගාවලියේ අපරාජිත එකම කණ්ඩායම වෙමින් ලෝක කුසලානයට සුදුසුකම් ලබන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හදවතින්ම සුබ පතන අතර ලකුණු විස්තරයට පහත සබැදියාවෙන් පිවිසෙන්නට හැකියාව ඇත.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-qualifier-2023-1377745/sri-lanka-vs-west-indies-29th-match-super-six-1377778/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan