*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 07/08

  1. ඉදිරි දශකය තුළ රටේ විදේශ විනිමය ඉපැයීම් සඳහා සංචාරක කර්මාන්තය සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ආකර්ෂණය කර ගැනීම සඳහා පුළුල් සැලසුම් දැනටමත් සකස් කර ඇති බව පවසයි: සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම තුළින් ඒක පුද්ගල ආදායම ඉහළ නංවා ගැනීමට හැකිවනු ඇති බවට අවධාරණය කරයි.
  2. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අභියෝග කඩිනමින් විසඳීමට පියවර ගන්නා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි: සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පළවන වාර්තාවල නිරවද්‍යතාවය හොඳින් විමර්ශනය කොට, එකී මොනම හෝ චෝදනාවක් සත්‍ය බවට අනාවරණය වුවහොත්, අගතියට පත් පාර්ශවයන්ට සහන සැලසීමට කඩිනම් මැදිහත්වීම් සහ සහන ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කරයි.
  3. රට තුළ දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පවසයි: දියර කිරි නිෂ්පාදනය හා පරිභෝජනය කෙරෙහි ජනතාව උනන්දුවක් දක්වන බව පවසන අමාත්‍යවරයා, දියර කිරි ව්‍යාපාරයට සහාය වීම තුළින් කිරි ගොවියාගේ ආර්ථිකය නංවාලීමට සහ රටේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීමට හැකියාව ලබා දෙන බව අවධාරණය කරයි.
  4. මෙම වසරේ ජූලි 20 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දියාවේ නවදිල්ලි සංචාරයට අවශ්‍ය කටයුතු සකස් කිරීම සඳහා ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා එළඹෙන සතියේ මුල කොළඹට පැමිණීමට නියමිත බවට වාර්තා වේ.
  5. ඉකුත් වසරේ ගෝල්ෆේස් අරගල භූමියේ සිටි සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරයට අදාළව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පනවා තිබූ ගමන් තහනම කොටුම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉවත් කරයි.
  6. 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් ජූලි 07 සිට 28 දක්වා මාර්ගගතව භාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි: අයදුම්කරුවන්ට දෙපාර්තමේන්තුවේ නිල වෙබ්අඩවි (www.doenets.lk සහ www.onlineexams.gov.lk/eic) වෙත පිවිස අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය: ජංගම යෙදුම ‘DoE’ වේ.
  7. ජාතික අධ්‍යාපන ආයතනයෙහි වංචා සහ දූෂණවල නියැළෙන නිලධාරීන් පිරිසක් සිටින බවත් ඔවුන් ආණ්ඩුවේ සමීපතම දේශපාලන සබඳකම් සහිතව එම දූෂිත ක්‍රියාවල නියැළෙමින් සිටින බවත් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික මහින්ද ජයසිංහ පවසයි: මේ පිළිබඳව අධ්‍යාපන ලේකම් වෙත දැනුම් දීමක් සිදුකර ඇති මුත් කිසිඳු සුබවාදී ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද අනාවරණය කරයි.
  8. 2023 ජූනි මාසයේදී සේවක ප්‍රේෂණ ඇ.ඩො. මිලියන 475.7 වාර්තා කර ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි: 2023 පළමු අර්ධය සඳහා සමුච්චිත අගය ඇ.ඩො. මිලියන 2,822.6 වන අතර, එය ඉකුත් වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව 75.3% ක ඉහළ යාමකි.
  9. මහරගම අපේක්ෂා රෝහලෙහි කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර ලබාදෙන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය සති දෙකක සිට අක්‍රිය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි: මීට ප්‍රධාන හේතුව මෙකී යන්ත්‍ර සඳහා වාර්ෂික සේවා ගිවිසුම් ගතවීම සිදුවී නොමැති වීමත්, ඒ ඒවාට ගෙවීමට මුදල් නොමැති වීමත් ය: මෙමඟින් පිළිකා සඳහා විකිරණ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 10 – 15 දෙනෙකුගේ ජීවිතය අනතුරේ බවට අනතුරු අඟවයි.
  10. හරාරේ හි පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරඟාවලියේ අවසන් සුපර් 6 තරඟයේ දී, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කඩුලු 08 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වෙයි: ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිශ්ශංක (ලකුණු 104) සහ දිමුත් කරුණාරත්න (ලකුණු 83) ලකුණු 190 ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැඟීමට සමත් වෙති: දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ ලකුණු 34 කට කඩුලු 4 ක් ලබා ගනියි: මෙම ඒක පාර්ශවීය තරඟයත් සමඟ, තරඟාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට දින අවසන් මහා තරඟයේදී නෙදර්ලන්තය හා තරඟ වැදීමට නියමිත ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan