පොලිස්පති තනතුර ගැන තීන්දුව ඇමති ටිරාන්ට බාරදීලා !

Date:

රටේ පොලිස්පති ධුරය මේ වනවිට දින 13ක් තිස්සේ හිස්ව පවතී. ඒ, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදී තිබුණු සේවා දිගුව පසුගිය ජුනි 26 වනදායින් අවසන් වීමත් සමග ය.

මේ තත්වය තුළ පොලිස්පතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී පැවැත්වී ඇති බව වාර්තා වේ.

වැඩබලන පොලිස්පතිවරයකු පත්කරන්නේද යන්න හෝ සී.ඩී. වික්‍රමරත්න මහතාටම තවත් සේවා දිගුවක් ලබාදෙන්නේද යන්න පිළිබඳව තීන්දු කරන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ටිරාන් අලස් මහතාට දැනුම් දී ඇති බවයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු “ද ලීඩර්” වෙඩ් අඩවිය කළ විමසීමකදී ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව හෙට (09) පස්වරුවේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ටිරාන් අලස් අමාත්‍යවරයා අතර තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවත් එහිදී පොලිස්පති ධුරය පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමට බොහෝදුරට ඉඩ ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පවසා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...