*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

විරැකියාව තුරන් කිරීමට නම් ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතුයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

අප රටේ අධ්‍යාපනයේ විෂය නිර්දේශය තුළ ව්‍යවසායකත්වය, නව නිර්මාණ හා අදහස් ගැන ඉගැන්වීම් සිදු නොකරන නිසා මේ පැති ඉලක්ක කර ගෙන අපේ අධ්‍යාපනය වෙනස් විය යුතු බවත් පාසල් දූදරුවන් ව්‍යවසායකත්වය පිළිබඳ දැනුවත් විය යුතු බවත් එවිට ඔවුන් හොඳ අධ්‍යාපනයක් සහිතව සමාජයට එන විට දේශපාලනඥයන්ගෙන් හෝ රජයෙන් හෝ පෞද්ගලික ආයතනවලින් රැකියා අපේක්ෂා නොකර ඔවුන්ගේ නිර්මාණශීලීත්වය හා වර්ණවත් අදහස් තුළින් බැබලෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 291 වැනි අදියර යටතේ කොළඹ හෝමාගම පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ සිරිපති මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් ද එ මහතා පරිත්‍යාග කළේය.

අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 50%ක් නිර්මාණය වන්නේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් බවත් මේ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් වැඩිවන විට දළ දේශීය නිෂ්පාදිතය වැඩි කර ගත හැකි බවත් මේ රට ගොඩ ඒමට නම් ආර්ථිකය වර්ධනය වී ප්‍රසාරණය විය යුතු බවත් සැවොම එකට එකතු කර ගත් සෞභාග්‍යයක් කරා යා යුතු බවත් එම ආර්ථික වර්ධනය උග්‍ර සුපිරි පොහොසතුන් මත පමණක් නොව වර්ධනයේ ප්‍රතිලාභ සියලු දෙනාටම බෙදී යා යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේම සමාජ සාධාරණත්වය හා යුක්තිය ස්ථාපිත කළ යුතු බවත් මේ සංකල්පයන් තුළ රටක් ලෙස හොඳ අනාගතයක් ඇති බවත් ඒ අනාගතය උදා කිරීමට සමගි ජන බලවේගය කැපවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 61කට රුපියල් ලක්ෂ 1837ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 291ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3191ක් වැය කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan