අතුරුගිරියේ වෙඩිතැබීම – ඝාතකයින් පැනගිය වෑන් රථයක් සොයා ගැනේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (08) උදෑසන අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් පළායාමට භාවිතා කළ වෑන් රථයක් බුලත්සිංහල, අයගම, දෙල්මෑල්ල ප්‍රදේශයේ තිබී හමුවූ බව පොලීසිය පවසයි.

ඊයේ පස්වරු 06.15 ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම වෑන් රථය එම ප්‍රදේශයේ පාළු ඉඩමක දමා ගොස් තිබියදී සොයාගෙන ඇත.

එම වෑන් රථයේ අංක තහඩු නොමැති අතර ආදායම් බලපත්‍රයේ පිටපතක් ඉදිරිපස වීදුරුවේ අලවා තිබියදී හමුවී තිබේ.

අතුරුගිරිය ඔරලෝසු කණුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර ඊයේ උදෑසන 10 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබුණු අතර එහිදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නම් 55 හැවිරිදි ව්‍යාපාරිකයා සහ තවත් 38 හැවිරිදි පුද්ගලයකු මියගොස් තිබිණි.

ජනප්‍රිය ගායිකාවක් වන කේ. සුජීවා සහ තවත් කාන්තාවන් දෙදෙනෙකුත් පිරිමි පුද්ගලයෙකුත් එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේත් අනෙක් දෙදෙනා හෝමාගම රෝහලේත් ප්‍රතිකාර ලබමින් සිටිති.

මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු ටී 56 ගිනිඅවි දෙකක් යොදාගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...

චීන-දකුණු ආසියා සම්බන්ධතා ශක්තිමත් කරමින් 09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද (19) නිරිතදිග...