මැතිවරණයට පූර්ව කටයුතු සුදානම් කිරීම ඇරඹේ!

Date:

කොළඹ LNW:මැතිවරණ පූර්ව සුදානම ගැන අද (09) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්වුණි.

මැතිවරණ කොමිසමේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ජාවට පොලිස්පති, මුද්‍රණාලයාධිපති, තැපැල්පති ඇතුළු නිලධාරීන් කැඳවා තිබුණු අතර තැපැල්පති වෙනුවෙන් ඊට නියෝජ්‍ය තැපැල්පති එක්ව සිටියේය.

මැතිවරණ රාජකාරි සඳහා සේවකයින් යෙදවීම, මූල්‍ය වියදම් ඇතුළු පූර්ව කටයුතු ගැන එහිදී සාකච්ජා සිදුකර තිබෙන අතර අදාළ මූල්‍ය වියදම් ගැන ආයතන විසින් ඉදිරියේදී මැතිවරණ කොමිසම දැනුවත් කළ යුතු වෙයි.

මැතිවරණයක් ප්‍රකාශයට පත් වූ විට ඊට අවශ්‍ය සූදානම පොලීසිය විසින් සිදුකරන අතර එතෙක් එනම් පෙර සූදානම ගැන එහිදී සාකච්ජා කළ බව පොලිස්පතිවරයා එම සාකච්ජාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

පෙර මැතිවරණවලදී මෙන් ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රශ්නයක් නොමැති අතර අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා නිලධාරීන් සමඟ සාකච්ජා කර අවශ්‍ය ලේඛන මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...