මැතිවරණයට පූර්ව කටයුතු සුදානම් කිරීම ඇරඹේ!

Date:

කොළඹ LNW:මැතිවරණ පූර්ව සුදානම ගැන අද (09) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්වුණි.

මැතිවරණ කොමිසමේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ජාවට පොලිස්පති, මුද්‍රණාලයාධිපති, තැපැල්පති ඇතුළු නිලධාරීන් කැඳවා තිබුණු අතර තැපැල්පති වෙනුවෙන් ඊට නියෝජ්‍ය තැපැල්පති එක්ව සිටියේය.

මැතිවරණ රාජකාරි සඳහා සේවකයින් යෙදවීම, මූල්‍ය වියදම් ඇතුළු පූර්ව කටයුතු ගැන එහිදී සාකච්ජා සිදුකර තිබෙන අතර අදාළ මූල්‍ය වියදම් ගැන ආයතන විසින් ඉදිරියේදී මැතිවරණ කොමිසම දැනුවත් කළ යුතු වෙයි.

මැතිවරණයක් ප්‍රකාශයට පත් වූ විට ඊට අවශ්‍ය සූදානම පොලීසිය විසින් සිදුකරන අතර එතෙක් එනම් පෙර සූදානම ගැන එහිදී සාකච්ජා කළ බව පොලිස්පතිවරයා එම සාකච්ජාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

පෙර මැතිවරණවලදී මෙන් ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රශ්නයක් නොමැති අතර අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා නිලධාරීන් සමඟ සාකච්ජා කර අවශ්‍ය ලේඛන මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...