මහජනතාවගේ විරෝධතා දැක්වීමේ නීත්‍යානුකූල අයිතිය යටපත් කිරීම සඳහා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමට රජය ගත් තීරණය FUTA හෙළා දකී

සාමාන්‍ය ජනතාව විසින් සංවිධානය කරන ලද සාමකාමී උද්ඝෝෂණවලට බාධා කිරීමේ අරමුණින් ඊනියා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය ගෙන ඇති නීති විරෝධී ක්‍රියාමාර්ගය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) තරයේ හෙළා දකී. පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශයක් මගින් පනවා ඇති ඇඳිරි නීති නිවේදනයේ පැහැදිලිවම අරමුණ වන්නේ හෙට (ජූලි 9) කොළඹදී පැවැත්වීමට නියමිත පුරවැසි උද්ඝෝෂණයට ජනතාව සහභාගී වීම වැළැක්වීමයි. විවිධ පුරවැසි කණ්ඩායම් විසින් කැඳවා ඇති මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ වැරදි ආර්ථික කළමනාකරණය සහ ඉහවහා ගිය දූෂණය හේතුවෙන් රට විනාශයට ගෙන ගිය රජයේ වගකීම් විරහිත ක්‍රියාකලාපයට විරෝධය පළ කිරීම සඳහා ය.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමට ඇති අයිතිය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත්, සියලුම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් වේ. මාධ්‍ය ප්‍රකාශයක් මගින් ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට පොලිස්පතිවරයාට නීත්‍යානුකූල බලයක් නොමැත. මෙම තීරණය පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට රට ඇද දමා ජාතිය අසාර්ථක කළ ආණ්ඩුව, එයට එරෙහිව නිසි වගවීම ඉල්ලා පුරවැසියන් විසින් සිදු කරනු ලබන ඉල්ලීමට අවනත නොවෙමින්, මූලික මිනිස් අයිතිවාසිකම් පවා අහිමි කරමින් මෙසේ මර්දනකාරී ක්‍රියාමාර්ගවලට එළඹීම කනගාටුවට කරුණකි. 

FUTA සෑම විටම ජනතා අරගලයේ පෙරමුණ ගෙන සිටින අතර, මහජනතාවගේ හඬ ඉතාමත්ම නිර්දය ලෙස නොසලකා හැර ඇති වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වන ලෙස බලකරමින් ජනතාව වෙනුවෙන් පෙරමුණ ගෙන සිටී. නීති විරෝධී ලෙස ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමට ගත් තීරණය අප විසින් දැඩි සේ හෙලා දකින අතරම, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු. තවද, රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපයට විරෝධය පළ කිරීමට පෙරට එන ලෙස රටේ සියලුම නීතිගරුක පුරවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

රොහාන් ලක්සිරි 

ලේකම් 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA).– 
Rohan Laksiri

General Secretary
Federation of University Teachers’ Associations (FUTA). 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...