*
Friday, April 19, 2024
spot_img

Latest Posts

සාරංගි දැන් ලොකු කෙනෙක්

මිනිස්සු දේවල් තෝරා ගන්නේ දැණුමත් එක්කයි.ඒවා හොඳ සහ නරක වෙන්නෙත් ඒ දැණුමට සාපේක්ෂවයි.මීට වසර 10 ට පෙර දිනෙයක ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියක් ශ්‍රී ලංකාවේ පැවත්වෙන මොහොතේ එම ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ සිටිය පුංචිම එකී අද ලොකු එකියක් වී ඇති බව දැනෙන්නෙත් ඒ දැණුමට සාපෙක්ෂවයි.

නමින් ලක්ෂිනි සාරංගි ද සිල්වා වූ ඇය මේ වන රටත් යම් තරමකට ලෝකයේ මලල ක්‍රීඩා සංස්කෘතිය ඇතුළේත් දන්නේ සාරංගි ද සිල්වා හැටියටයි.ඇය මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ දුර පැනීමේ ජාතික වාර්තාවේ හිමිකාරිණිය වන අතර ගෙවෙන තත්පරයේ ලෝක මලල ක්‍රීඩා සූරතාවයක් නියෝජනය සඳහා පැනීම් ඉසව්වකින් ශ්‍රී ලංකාව නියෝජනයට සුදුසුකම් ලද පළමු තැනත්තියද වන්නීය.

ලෝක සූරතා මලල ක්‍රීඩා සුරතාවලියේ කාන්තා දුර පැනීමට සුදුසුකම් ලබන්නියන් තීරණය කරන මොහොතේ ඒ සඳහා සුදුසුකම් ලැබිය යුතු 32 අතරට ස්ථාන දෙකක් පසුපසින් 34 වන ස්ථානයේ ඈ උන්නාය.නමුත් පසුව අවස්ථාව එම ඓතිහාසික සුදුසුකම ලබන්නට ඇයට හැකි විය.එහෙත් ඒ මොහොතේ ඇය එම අවස්ථාව කැප කරමින් වැඩි දුර පුහුණුවට ඇය නැවත තූර්කිය බලා යන්නට තීරණය කර ඇත.ඒ ඇයගේ පෞද්ගලික විදේශ පුහුණුකරු යටතේ තව දුරටත් විශේෂඥ දැණුම අපේක්ෂාවෙන්ය.ඉනික්බිති වඩාත් ශක්තිමත්ව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට මුහුණ දීමටය.

සාරංගි ජාතික දුර පැනීමේ වාර්තාව මේ වන විට මීටර් 6.65 රඳවා ඇත.ඒ සඳහා ද ඇයට විදෙස් පුහුණුව දැඬිව රුකුල් දුන්නාය.එසේම ඒ පුහුණුව සමඟ සිය හැකියාවන් ප්‍රගුණ කරමින් ඇය ජාත්‍යන්තර වශයෙන් තරඟ අවස්ථා දිනා ගන්නට මෙන්ම යම් ජයග්‍රහණ රටට උදා කර දෙන්නට ද සමත් වූවාය.මේ මොහොත වන ිවට ඇය තමන්ට ලැබෙන ඓතිහාසික අවස්ථාව සහභාගීත්වයෙන් ඔබ්බට ගෙන යාම සඳහා ඇති ඉඩ දැක දුර දක්නා නුවණෙන් ප්‍රතික්ෂේප කරන්නීය.වැඩි දුර පුහුණුව මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතරදී සාරංගි තමන්ගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය දැක් වුව ද ඇතැම් විට පදක්කමක උණුසුම ලැබිය හැකි මට්ටමේ වන්නීය.බොහෝ විට දැණුම අවශෝෂණය කර ගැනීමේ හැකියාව ප්‍රායෝගික උසස් ප්‍රතිපල බවට පත් කරන්නට ඇය සතු හැකියාවද බෙහෙවින් වැදගත්ය.ඇය ඒ බව ඔප්පු කර තිබෙන නිසා ද ප්‍රතික්ෂේප කිරිමේ තීරණයද ඇයගේ මලල ක්‍රීඩා ජීවිතයේ වැදගත් පිම්මක් වීමට ඇති ඉඩකඩ බොහෝය.

සහභාගීත්වයට වඩා දුර දැක දිනන්නට ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගන්නට සාරංගි ගත් තීරණය ඇයගේ දැක්ම සහ දැණුම සම්බන්ධ ප්‍රකාශයකි.අධ්‍යාපනය ද ක්‍රීඩාව සමඟ සමව පෙරට රැගෙන ගිය සාරංගි මීට වසර 12 ට පෙර දුටු පුංචිම එකී නොවන බව ගෙවුණු වසර 10 තුළ කාලය විසින් ඇයට ලබා දුන් වැඩිහිටිකමට අමතරව දැණුම සහ අවබෝධයේ පුළුල් වීම තුළින ඔප්පු කර ඇති බවට මේ අවස්ථාව අපූරු සාධකයක්ය.

“සාරංගි දැන් ඔයා ලොකු කෙනෙක්,ඒ නිසා ඔයාට දිනන්න ගොඩක් ඉඩ ඒ ලොකු හිතිමෙන් පාදා ගන්න පුළුවන්.ඔබට ජය!” RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan