කටුනායක අධිවේගයේ ප්‍රභූ රථපෙළ පිළිබඳ තොරතුරු එළියට !

Date:

කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා ප්‍රභූ රථ පෙළක වීඩියෝවක් අද සමාජ ජාලා මාධ්‍ය හරහා සංසරණය විය. මෙම ප්‍රභූ රථ පෙළ සම්බන්ධයෙන් බොහෝදෙනාගේ අවධානය යොමුව තිබූ අතර ඒ පිළිබඳව අවධානය යොමුකළ බහුතරයකගේ අදහස වූයේ ජනාධිපතිවරයා හෝ ඔහුගේ සමීපතමයන් පිරිසක් රටින් පිටවීම සඳහා කටුනායක ගුවන් තොටුපල වෙත ගමන් කරමින් සිටින බවයි.

මේ හේතුවෙන් කටුනායක අවට විශාල පිරිසක් ගුවන් තොටුපල පිවිසුම් මාර්ගයේ රැඳී සිටින්නේ අදාල ප්‍රභූ රථ පෙළ නතර කර ගැනීම සඳහායි.

ලංකා නිවුස් වෙබ් වෙත වාර්තා වන්නේ, ඉන්දියාවේ සංචාරයක නිරතව සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, විශ්‍රාමික යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා රැගෙන ඒම සඳහා කටුනායක ගුවන් තොටුපල වෙත අදාල රථපෙළ ගමන් කරමින් තිබියදී කිසියම් පුද්ගලයෙකු එය වීඩියෝ කර සමාජ ජාලා මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි.

ඒ අනුව අදාල ප්‍රභූ රථ පෙළ, ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහුගේ සමීපතමයන් ගමන් ගන්නා රථ පෙළක් නොවන බව තහවුරු වී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“බලය” පිළිබඳ කතන්දර : පැණි වරකාවලට හෙන ගැසීම

හිරු නාලිකාවට ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊට...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...