ගුරු-විදුහල්පති හිඟයට විසඳුම් ලඟදීම

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉදිරි සති කිහිපය තුළ ගුරු-විදුහල්පති හිඟයට විසඳුම් ලබාදීමට රජය සැලැසුම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මාධ්‍යය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ගුරු මාරුවීම් සම්බන්ධයෙන් ද පළාත් මට්ටමින් සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,

“අපි ළඟදිම පළාත් මට්ටමින් සාකච්ඡා තියෙනවා. මම දැන් වයඹ පළාතේ පටන් ගන්නවා. ඊට පස්සේ ඌව ඒ ආදී පළාත් මට්ටමින් සම්පූර්ණ දිනයක වැඩසටහනක් සංවිධානය කරනවා පළාත් සභාවත් එක්ක. මොකද මේ තියෙන පාසල්වලින් 95%ක්ම තියෙන්නේ පළාත් සභාවේ පාසල්. ඊළඟට අපි හොඳින්ම දන්නවා ගුරු හිඟය කියන එකත් තියෙනවා. විදුහල්පති හිඟයකුත් තියෙනවා. අපිට ගුරුවරු 26,000ක් බඳවාගන්න අවශ්‍යයි. ඒ අතර දෙමළ ගුරුවරුත් ඉන්නවා. සිංහල ගුරුවරුත් ඉන්නවා. අපි ඊළඟ සති කිහිපය තුළ අධිකරණයේ තිබෙන නඩු ටික අවසන් කරලා. ගුරුවරු බඳවාගැනීමට කටයුතු කරනවා. ඉතාම කඩිනමින් පුහුණු කරලා මේ ගුරුවරු ලබාදෙන්න. අනික් පැත්තෙන් ගුරු මාරුවීම්වලදී වෘත්තීය සමිති එකක් සාකච්ඡා කරලා. ඒ පළාත්වලට ගැලපෙන පරිදි ආකාරයට සකස් කරගැනීමේ ක්‍රමවේදයකට අපි යනවා.”

යනුවෙන් පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...