අඩු ආදායම්ලාභීන්ට එළුවන්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීම අරමුණු කරගනිමින් වසර පහක් තුළ ඔවුන්ට එළුවන් 70,000ක් බෙදාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇති අතර , ඒ අනුව එම වැඩසටහන යටතේ දෙමුහුන් එළුවන් බෙදා දීම අද(09) දිනයේ රන්න – වාඩිගල ප්‍රදේශයේ දී ආරම්භ වී ඇත .

එළුවන් ලබාදීම යටතේ එක් පවුලකට එළුවන් තුන්දෙනෙක් බැගින් ලබා දී තිබෙන, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන 07ක් ස්ථාපිත කර ඇති අතර එක් ගමකින් පවුල් 10ක් බැගින් තෝරාගෙනයි ඔවුන්ට එළුවන් බෙදා දීම සිදු කරන්නේ.

මේ ආකාරයට උතුරු නැගෙනහිර ඇතුළු එළු පාලනයට කැමති සහ පහසුකම් ඇති පවුල් තෝරාගෙන ඔවුන්ට ද දෙමුහුන් එළුවන් ලබාදීමේ වැඩසටහන ඉදිරියේ දී ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර  මෙම වසර තුළ එළුවන් 7,000ක් ලබා දීමට සැළසුම් කර ඇති බවයි , අද දින එළුවන් ලබා දීම ආරම්භ කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...

බ්‍රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්‍රසීලයේ ඇමසන්...

ප්‍රංශයට ඇඳිරිනීතිය පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්‍රංශය පුරා...

අද, හෙට සහ අනිද්දා දිවයින පුරා විදුලිය කැපෙන කාලසටහන මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (19) , හෙට (20) සහ...