*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණයට සුදානම් –  පොහොට්ටුවේ සහය රනිල්ටද – අවසන් මොහොතේ වෙනම අපේක්ෂකයෙක් ගැනත් කතා – සජිත් විශ්‍රාමිකයන් වෙනුවෙන් සටනට – ඕනෑම  තීරණයකට රාජිතට සහාය – වසන්ත ඝාතනයෙන් රටම හොල්මන් -රනිල්ට ණයත් බයත් නැතිබව බැසිල් කියයි – රට ගොඩනැගිය හැකි මිනිසා ගැන ධම්මිකගෙන් අනාවරණයක් 

  • ජනාධිපතිවරණයට සුදානම්
  • පොහොට්ටුවේ සහය රනිල්ටද
  • අවසන් මොහොතේ වෙනම අපේක්ෂකයෙක් ගැනත් කතා
  • සජිත් විශ්‍රාමිකයන් වෙනුවෙන් සටනට
  • ඕනෑම  තීරණයකට රාජිතට සහාය
  • වසන්ත ඝාතනයෙන් රටම හොල්මන්
  • රනිල්ට ණයත් බයත් නැතිබව බැසිල් කියයි
  • රට ගොඩනැගිය හැකි මිනිසා ගැන ධම්මිකගෙන් අනාවරණයක් 

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ජනාධිපතිවරණයට සියල්ල සුදානම්ය. ඔක්තෝබර් 5 වැනිදා හෝ ඔක්තෝබර් 12 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත.ජනාධිපතිවරණය කැඳවීමට ජුලි 17 වැනිදා සිට මැතිවරණ කොමිසමට බලය ලැබේ. ඒ අනුව ජුලි 17  වැනිදායින් මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය කැඳවනු ඇත. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම නිවේදනය කරනු ඇති අතර එම දිනය ප්‍රකාශයට පත් කර  කර දින 16 ත් 21 ත් අතර නාමයෝජනා භාරගනු ඇත.   නාමයෝජනා භාරගෙන සති හතරත් හයත් අතර ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත. ඔක්තෝබර් 17 වැනිදා වන විට ශ්‍රීලංකාවේ නව ජනාධිපතිවරයෙක් පත්ව සිටිනු ඇති අතර ඒ වහාම නව ජනාධිපතිවරයා ධුරයේ දිවුරුම් දෙනු ඇත. කවුරුන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කලද  ඒ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇත. ඒ අනුව මේ වසර අවසානයට පෙර මහා මැතිවරණය පැවැත්වීම බොහෝදුරට සිදුවන කාරණයකි. මේ සියල්ල අතරේ මහ දහවල්  කොළඹ ආසන්නයේදී   ක්ලබ් වසන්ත  ඝාතනය රටේ සාමාන්‍ය ජනතාවට ඇති අවිනිශ්චිත භාවය යලිත් පෙන්නුම්කර තිබේ. ඔහු කවර අන්දමේ පුද්ගලයෙකු වුවද මේ ආකාරයෙන් මිනිසකු  ඝාතනයට ලක්වීම තුලින් සමාජයේ ඇති භයානක බව රටටම පෙන්නුම් කර තිබේ.

                                                 ජනාධිපතිවරණය ගැන සැකසංකා විසඳෙයි 
ජනාධිපතිවරණය වසරකින් කල් යාවිදැයි තිබු සැකය මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසඳා තිබේ. එය වසර ගණනාවක් තිස්සේ කීපවරක්ම එය සනාථවී තිබුනද එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්වරයාගේ ප්‍රකාශ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පත්ව සිටියේ අපහසුතාවයකට ය.  කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මුල සිටම සිටියේ එය වසර පහක් යන මතයේය. විපක්ෂයද එම මතයේ තදින්ම සිටියේය. අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීය.

                                          රට වෙනුවෙන් රාජිත ගන්න තීරණයට බේරුවල ජනතා සහය 
රට වෙනුවෙන් සියලු පාර්ශව එක්විය යුතු බව හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න කවදත් සිටි ස්ථාවරයයි. සජබ හා  එජාප එක කරන්නට ඔහු උත්සහ ගත්තද එය සාර්ථක නොවූ තැන බොහෝ පාර්ශව සිතුවේ ඔහු රජයට එක්වනු ඇති බවය. එහෙත් ඔහු ආණ්ඩුවට එක්වුයේ නැත.  සජබ පිරිසක් ආණ්ඩුවට එක්වන බවත් ඔවුන්ට කැබිනට් ඇමති ධුර ලැබෙනු ඇති බවටත් ආරංචි පැතිර ගියත් කිසිවකුත් ආණ්ඩුවට ගියේවත් කැබිනට් සංශෝධනයක් සිදුවුයේවත් නැත.

රට වෙනුවෙන් ගන්නා ඕනෑම තීන්දුවකට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න සමඟ සිටින බව බේරුවල මැතිවරණ කොට්ඨාශයේ සජබ ක්‍රියාකාරීන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පවසා තිබේ. බේරුවලදී රැස්වූ පිරිස අමතා වර්තමානයේ රටේ තත්වය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ගේ පැහැදිලි කිරීමෙන් පසු ආසන බලමණ්ඩල ප්‍රබලයන් මෙම එකඟතාවයට පැමිණ ඇතැයි පැවසේ.

මන්ත්‍රීවරයාගේ බේරුවල පිහිටි නිවසේ පැවති විශේෂ රැස්වීමකදී මන්ත්‍රී රාජිත සේනාරත්න කියා සිටියේ මා ගන්නා තීන්දුව නායකයින් වෙනුවෙන් නොව රට වෙනුවෙන් ගන්නා බවයි. එම නිසා තමන් සමග ගමන යාමට කැමති පුද්ගලයින්ට එකතු විය හැකි බවත් අකමැති පුද්ගලයින්ට ඉවත් විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම විශේෂ රැස්වීමට එක්ව සිටි පිරිස අතර සමඟි ජනබල වේගය නියෝජනය කළ පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරු අපේක්ෂකයන්ද සිටීම විශේෂත්වයකි.

තමා හැමවිටම පක්ෂ ගැන සිතා නොව රට ගැන සිතා තීරණ ගත බව පැවසු මන්ත්‍රීවරයා බංකොලොත් වූ රට ගොඩනැගූ ආකාරය පැහැදිලි කළේය.රැස්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා වට කරගත් පාක්ෂිකයින් කියා සිටියේ “ඔබතුමා ලබාදුන් රැකියා නිසා අපි කාලා බීලා ජීවත්වන  බවයි. එම නිසා ඔබතුමා ගන්න ඕනෑම තීරණයක් වෙනුවෙන් අපිද පෙනී සිටින බව ඔවුහු පැවසූහ.
තවද මෙහිදී මන්ත්‍රීවරයා 2021 වසරේ දෙසැම්බර් මාසයේ මාධ්‍ය හමුවකදී මාස තුනකින් රට විනාශ වන ආයුරු උදාහරණ සහිතව ප්‍රකාශ කළ වීඩියෝවක්ද ප්‍රදර්ශනය කරන ලදි. එහි සඳහන් වන්නේ රාජපක්ෂලාට රටේ ඉන්නට බැරිව රටින් පැන යන බවයි.තමන් එදා එම ප්‍රකාශය කළේ අනාගතය දුටු නිසා බවත්, තමන් අද ද රටේ අනාගතය හොඳින්ම දැක ඇති බැවින් ඉදිරියේදී රට වෙනුවෙන් තීන්දුවක් ගන්න බවද මන්ත්‍රී රාජිත සේනාරත්න මෙහිදී අවධාරණය කර සිටියේය

                                                පිල්මාරු – කැබිනට් සංශෝධන දිගටම කල් යයි 

විවිධ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න සංඛ්‍යාවක්  විවිධ කරුණු කාරණා හේතුවෙන්   පක්ෂ මාරු කිරීමේ  තීරණය ගැනීමට  දෙගිඩියාවක සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර සමහර මන්ත්‍රීවරුන්ට   ඒ ඒ පක්ෂ දෙන බවට පොරොන්දුවූ   නොලැබීම හේතුවෙන්  පක්ෂ මාරු කිරීම කල් දමා ඇතැයි දැනගන්නට ඇත.

සමගි  ජන බලවේගය පක්ෂයේ සරත් ෆොන්සේකාට  ඔහු ඉල්ලූ මාෂල්  තනතුර ලැබුනේ නැත. යුද්ධය අවසන්වී කලක් ගතවන විට ලොවේ ප්‍රධාන යුද බලවතුන් වන රටවල පවතින  තනතුරු ශ්‍රීලංකාව වැනි කුඩා යුද හමුදාවක් ඇති රටක පුද්ගලයකුට ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේම ඇතැම් පිරිස් විරෝධය පා තිබු බව සඳහන්ය. මේ තොරතුරුවල සත්‍යතාවය  කෙසේ වුවද ඔහුට එම තනතුර ලැබුනේ නැත.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර පිල්මාරු  මෙහෙයුම් ඒ ඒ දේශපාලන පක්ෂ තුළ   දිගින් දිගටම සිදුවෙමින් පවතී.
හකීම් -රිෂාඩ් -මනෝ ගනේෂන් ආදීන් ආණ්ඩුවට එක්කර ගෙන ඇමති ධුර ලබා දෙන බවට පැතිරයන කටකතාව තවමත් එලෙසම පවතී.

                                        රත්තරන්ගේ රැස්වීමේ රනිල්- මහින්ද -ගෝඨාභය -බැසිල් – නාමල් -ධම්මික එකම වේදිකාවකට 
රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් කල් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බවත්  පොහොට්ටුව ජනාධිපතිවරයාට ණය නැති සේම බය නැති බවත්  පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  පැවසුවේ 27ක දේශපාලන ජීවිතය  සමරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝජිත අබේගුණවර්ධන ගේ ජාතික මෙහෙවරක රෝහිත සලකුණ සැමරුම් උළෙලට සහභාගී වෙමින් කළුතර දුම්රිය පොළ ක්‍රීඩාංගනයේදීය.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා  ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් මීට සහභාගී වූහ.

                             එකට යන්න රනිල්ගෙන් ඉල්ලීම් ……..
මෙහිදී කතාකළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කල කතාවේ ඇතැම් කොටස් සැකවින්  මෙසේය. 
“මාව පන්නන්න කවුරුවත් නෑ.ඉතින් අපි දැන් මේ කාලෙ එකට වැඩකරමු ,
අද උදේ මම හිටියේ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල රැස්වීමේ.
ලෝකේ වෙනස් වෙනවා. අලුතෙන් හිතන්න , පරණ දේශපාලනයෙ හිර වෙන්න එපා.
අපි එතෙන්ට ලංකාව ගෙනල්ල තියනව. අපිට ඉදිරියට යන්න ඒ ඇති.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයායි , මමයි දැන් දේශපාලන හුඟක් ඉවර කරලා තියෙන්නේ.
රටක් කරදරේ වැටුනාම.ප්‍රධාන පක්ෂවලට තීරණ යුතුකමක් එකට වැඩ කරන්න.
අපේ එකක් තියේ නම් අපි මෙතන ගහගෙන තියෙනවා මරාගෙන තියෙනව ඔක්කොම කරලා තියෙන බැනලා තියෙනවා.

එදා පොහොට්ටුවේ සහයෝගය එපා කියලා ගියානම් අද මොකක්ද වෙන්නේ.
ඩොලරේ රුපියල් 450 වඩා පනින්න ඉඩ තිබුනා.තෙල් නෙමෙයි පොල් තෙල් වත් තියෙන්නෙ නෑ මේ රටේ.
දැන් තියෙන්නෙ තැනින් කොහොමද ඉදිරියට යන්නෙ?
අඩු ගානේ මේක එකක් සිදු වුණා. මං මේ ඇමතිවරු තේරුවේ  නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලොකු අයියා තේරුවේ. මම බැලුව මොකක්ද කරන්නෙ කියල.එකක් කියන්න ඕනේ මිනිස්සු වැඩේ බාර අරගෙන දිව්වා.මේ කැබිනට් මණ්ඩලයේ පොහොට්ටුවේ අනෙක් අයගේ සහයෝගය නැතිව මට මේක තනියම කරන්න බෑ.

ඉතින් මේ පක්ෂ ඔක්කොම දැන් අලුතෙන් හදාගෙන යන්න හදනකොට අලුතෙන් හිතලා ඕනෑ වෙලාවට එකට වැඩ කරන්න ඕනේ.අනික් වෙලාවට වෙන් වෙන්න පුළුවන්.ඒක නැත්නම් අපිට රට පාවල දෙමු.
.එක්සත් ජාතික පක්ෂය රැස්වීමටත්.පොහොට්ටුවේ රැස්වීමටත් මම  ගියා 
ඊයේ රෑ මං හිටිය සජබය කට්ටිය එක්ක,  මට ඕනේ රැස්වීමකට යන්න පුළුවන්මාව පන්නන්න කවුරුවත් නෑ.
ඉතින් අපි දැන් මේ කාලෙ එකට වැඩකරමු. මෙරට ඉදිරියට ගෙනයන විශාල අභියෝගයක් අපිට තියෙනවා.
ඒ අභියෝගය අන්තිමට ජයගන්න අපි කට්ටිය නෙමේ. මේ තරුණ අය මෙතැන ඉන්නේ ඒ ගොල්ල අනාගතයක් තිබිය යුතුයි.
ඒකට කැප වෙලා අපේ දේශපාලනය කරමු.” යනුවෙනි. පොහොට්ටුව හා රනිල් වික්‍රමසිංහ වෙන්ව ගමන් කරනු ඇතැයි  බොහෝ දෙනා සිතුවද මේ රැස්වීමෙන් පසු බොහෝ දෙනා එය එසේ වෙතැයි සිතන්නේ නැත. එසේම මෙහිදී රනිල් වික්‍රමසිංහ කල කතාව රටෙත් දේශපාලනයේත් සැබෑ තත්වය පිළිඹිබු කරන්නක් බව බොහෝ දෙනාගේ  අදහසය.

          විශ්‍රාමිකයන්ගේ ගැටළු ගැන සජිත් පාර්ලිමේන්තුවේ හඬ නගයි- ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැඩි පොලියක් ඉල්ලයි 

විශ්‍රාමිකයන් මුහුණ දෙන ගැටලු රාශියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
විශ්‍රාමික දිවිය සැහැල්ලුවෙන් ගත කිරීම විශ්‍රාමියන්ගේ අරමුණ වුවත් ඔවුන්ගේ විශ්‍රාම වැටුප නිසි පරිදි හිමි නොවීම හා රජයේ විවිධ ප්‍රතිපත්ති නිසා විශ්‍රාමිකයන් විවිධ අපහසුතාවට ලක්ව ඇති බවත් වෘත්තීමය කේවල් කිරිමට අපොහොසත් කණ්ඩායමක් වන විශ්‍රාමිකයන්ගේ දුක්ගැනවිලි ගැන සංවේදී වීම අත්‍යාවශ්‍ය සමාජ වගකීමක් බැවින් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 මෙරට වැඩිහිටි ජනගහනයේ වර්ධනය ගැන, ඉන් කොපමණ ප්‍රමාණයක් දරිද්‍රතා ඉමෙන් පහළ පසුබිමක ජීවත් වන්නේද? සෑම වැඩිහිටියෙක් ම යම් හෝ සමාජ ආරක්ෂණ ක්‍රමයකට යටත් ද යන්නත්  වැඩිහිටියන්ට ඖෂධ හා ගමන්බිමන් සඳහා අධික වියදමක් යන බැවින් ඔවුන් යම් හෝ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකට යටත් කරන ලෙසත්  විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.
එමෙන්ම අද වන විට මෙරට සමස්ත රාජ්‍ය විශ්‍රාමික ප්‍රජාව, 2024, 2030 සහ 2035 වර්ෂයන්වල පුරෝකතනය කර ඇති සමස්ත විශ්‍රාමිකයන් සංඛ්‍යාව හා ඔවුන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට යන වියදම් සම්බන්ධයෙන් ද ප්‍රශ්න කර සිටියේය. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2016 දී රාජ්‍ය විශ්‍රාමිකයන්ට ණය ලබා දීමේ ක්‍රමවේදයක් දියත් කළ බවත් විචල්‍ය පොලි අනුපාත මත ණය ලබා ගැනීම නිසා විශ්‍රාමිකයන් දැවැන්ත ණය බරතාවකට හසුව ඇති බවත් මේ සම්බන්ධයෙන් රජය අවධානය යොමුවිය යුතු බවත් මේ ගැටලුව විසඳීමට රජය ලබා දෙන විසදුම් සම්බන්ධයෙන් ද දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලිය 15% සිට 7% දක්වා අඩුකර ඇති බවත් ඇතැම් බැංකු මෙම ස්ථාවර තැන්පතු පොලිය මත බදු මුදල් පවා අය කරන බවත් මෙම බදු මුදල් නැවත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලාබ ගත හැකි බව පැවසුවත් මෙහි පවතින සංකීර්ණ සහ ව්‍යාකූලත්වය මත මේ සඳහා බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අයදුම් නොකරන නිසා පහසු ක්‍රමවේදයක් දියත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය. එසේම මෙම පොලිය නැවත 15% දක්වා වැඩි කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය. 
දේශීය ණය ප්‍රතිව්‍යුහතකරණය යටතේ සේවක අර්ථ සාධක අරමුදල රජයේ සුරකුම්පත්වල කර ඇති ආයෝජන සඳහා ගෙවන පොලී ප්‍රතිශතයේ වෙනසක් සිදුව ඇත් නම් එය දැන ගැනිමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එමෙන්ම නොවිසදී පවතින විශ්‍රාම වැටුප් ගැටලු අතර 2016, 2020 අතර විශ්‍රාම ගනු ලැබූවන්ගේ හා 2016 පෙර විශ්‍රාම ගනු ලැබුවන්ගේ හා ගුරු විදුහල්පති සේවයයේ වැටුප් වැඩිවීම නොලද විශ්‍රාමික ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් විෂමතා ප්‍රමුඛ වී ඇති බැවින් මේවට විසඳුම් ලබා දීම දිගින් දිගටම කල් යන බව පෙනෙන හෙයින් මොවුන් සඳහා අන්තර් දීමනාවක් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
2016-2020 කාලය තුළ විශ්‍රාම වැටුප් ප්‍රධාන පත්‍රයේ ගෙවීම් කොටස් 2කට දුන්නත් ගෝඨාභය රාජපක්ෂ පත්වී මේ ක්‍රියාදාමය නතර කළ බවත් මේ වන විට 120000ක් විශ්‍රාමිකයන් අගතියට පත්ව ඇති බවත් දහස් ගණනක් මිය ගොස් ජාතික අපරාධයක් කර ඇති බවත් මෙය සාපයක් බවත් ඒවා කරන විට ආණ්ඩු පක්ෂය නිහඩව සිටි බවත් මේ අවස්ථාවේ හෝ එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටින බවත් රටේ ආර්ථිකය ස්ථායිකරණයට ලක් වි ඇත්නම් පුනර්ජීවනයක් සිදුව ඇත්නම් විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් මේ යුතුකම ඉටු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
ලක්ෂ 7ක් වූ විශ්‍රාමිකයන් 2004 දී 96 වැටුපටත් 2006 දී 97 වැටුපටත් ගෙන ආ බවත් 2015 දී 2006 ගැලපුමට ගෙන ආ බවත් 2019 දී 2017 ගැලපුමට ගෙන ආ බවත් මේ වැටුප් විෂමතාව නිසා 480000ක් පීඩාවට පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් රජයෙන් පිළිතුරු අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
දැනට යම් ආකාරයක දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට යෝජිත බව වාර්තා වන බවත් ඒ සදහා රාජ්‍ය හා සේවක පාර්ශ්වයෙන් දක්වන දායකත්වයත් මේ යටතේ විශ්‍රාමිකයකුට උපයා ගත හැකි විශ්‍රාම වැටුපේ යම් වෙනසක් සිදුවන්නේ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් වසර 30ක සේවාවක් ඉටු කළෙහොත් සාමාන්‍යයෙන් 85%ක විශ්‍රාම වැටුපක් ගෙව්වත් අලුත් ක්‍රමය යටතේ මෙහි කප්පාදුවක් සිදුවන බවත් එය සිදුවන ප්‍රමාණය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

                                          පොහොට්ටුව අවසන් මොහොතේ වෙනත් අපේක්ෂකයකු දායිද ?
ඒ කෙසේ වෙතත් තව බොහෝ පිරිස් සිතන්නේ පොහොට්ටුව ජුලි 17 වැනිදා වනතුරු කල් ගන්නා බවය. තවත් සමහරුන් පවසන්නේ පොහොට්ටුව ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවය. සජබ – එජාප පක්ෂ දෙකේම සිටින්නේ එකම පිරිසක් නිසා රනිල්- සජිත් දෙදෙනා අතර එම ඡන්ද බෙදීයාමත්   මාලිමාව ද සැලකිව යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමත් නිසා පොහොට්ටුව ජනාධිපතිවරණයෙන් වැඩිම ඡන්ද ලබා ගැනීම සිදුවන බව   පොහොට්ටු නායකයන්ගේ  ගණනය කිරීම වී තිබේ. කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් තවමත් තම අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කර නොමැත. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නායකයන් පවසන්නේ ජනාධිපතිවරණයට රනිල් අනිවාර්යයෙන්ම තරග කරන බවය.  එහෙත් ඒ බව කවදා ඔහු ප්‍රකශ කරාවිදැයි කිසිවකු දන්නේ නැත. රනිල් තරග කරන්නේ නැතිනම් මිස තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව බව ධම්මික පෙරේරා මේ වන විට කීප වරක්ම ප්‍රකශ කර ඇති නිසා ඒ සඳහා ඉදිරිපත් වන්නේ නම්  ඊට සුදුස්සා නාමල් රාජපක්ෂ බව ඇතැමුන්ගේ අදහස වී තිබේ.. එහෙත් මේ කිසිවක් තවමත් පැහැදිලි නැත. සියල්ල අවිනිශ්චිතය.

                                                      ශ්‍රීලනිප අයිතියට පාර්ලිමේන්තුවේදීත් ගැටුම් 
ශ්‍රීලනිපයේ අර්බුදය තවමත් නිමවී නොමැත. අධිකරණ නියෝගයක් රැගෙන පක්ෂ මහලේකම් ධුරයේ වැඩ භාරගන්නට ගිය  දයාසිරි ජයසේකර හට ඒ සඳහා ඉඩ ලැබුනේ නැත. එහෙත් ඉන්පසුව නිමල් සිරිපාලට හා මහින්ද අමරවීරට පක්ෂ මුලස්ථානයට ඇතුළුවන්නට බාධා එල්ලවුයේද නැත. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද උණුසුම් වාද විවාද ඇතිවුයේ විවිධ පාර්ශව  එකිනෙකාට එරෙහිව චෝදනා එල්ල කර ගැනීමත්සමගය.
නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට ගිය පිරිස බවට හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කිරීමත් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  සහ මෛත්‍රීපාල සිරිසේන  අතර එහිදී බහින්බස් වීමක් ඇතිවිය.

මගේ නැවතීම  අංගොඩින් හෝ වැලිකඩින් කියා ශ්‍රිලනිපයෙ සිට ආණ්ඩුවට ගිය ඇමති කෙනෙක් කියා තිබුණා. ආණ්ඩුවේ දැන් ඉන්න ඇමතිවරුන්  මේ ප්‍රශ්නය අතට අරගෙන අධිකරණයට බලපෑමක් කොට මම හිරේ යවන්න වෑයම් කරනවාදැයි මට සැකයක් තිබෙනවා.මේවා පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ඇමතිවරු. ශ්‍රීලනිපය ගොඩ ගැනීම වෙනුවෙන් අප ජීවිතය කැප කරන බව කිව යුතුයි.දේශපාලන පක්ෂයක අර්බුද ඇතිවීම අලුත් දෙයක් නොවේ. අර්බුද පක්ෂ වලට විසඳා ගන්න නොදී සම්පූර්ණයෙන්ම රාජ්‍ය මැදිහත්වීම් තුළ කරන කටයුතු අප හෙළා දකිනවා.
අපේ පක්ෂයේ ප්‍රශ්න වලට අධිකරණයට උඩින් ගිහින් පොලිසිය දැමීම කොතරම් සාධාරණද?-හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

අංගොඩ හෝ වැලිකඩ නවතින්න වේවි කියා කතාවක් මම නම් කිව්වේ නෑ.අංගොඩ යා යුතු අය අංගොඩ  යාවි. අදාල නැති කෙනෙකුට ශ්‍රීලනිපය බාර දුන්නා. දයාසිරි ඉවත් කළේ අපිද? මහින්ද අමරවීර පැවසීය.

මෛත්‍රිපාල සිරිසේන – මේ පක්ෂය විනාශ වෙන්න මුල මේ පිරිස ආණ්ඩුවට ගිහින් ඇමතිකම් ගැනීම. දැන් මැතිවරණ ළං වෙනකොට ශ්‍රීලනිපය ආණ්ඩුවට හේත්තු කරන්න යනවා.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න- මේ පක්ෂය විනාශ වුණේ අපි ආණ්ඩුවට ගිය එකෙන් නොවේ.ආප්ප කාල ගිය එක තමයි පක්ෂය විනාශ වෙන්න ප්‍රධාන හේතුව.

මහින්ද අමරවීර – සුද්දවන්තයො වගේ කතා කරන අයගේ හොරකම් ඉදිරියේදී නම් ගම් එක්ක හෙළි කරනවා.

මෛත්‍රීපාල සිරිසේන -මොවුන්ගේ ප්‍රකාශ අසත්‍යයි.එපා කියද්දි ආණ්ඩුවට ගියා.ඔය ගොල්ලෝ හොරෙන් ඇමතිකම් ගත්තා.

මහින්ද අමරවීර -මන්ත්‍රීවරුන්  142ක් එක්ක පක්ෂය බාරගෙන දෙන්නට අඩු කළා. 
කෙසේ වෙතත් පක්ෂයේ අයිතිය දැන් ඇත්තේ අධිකරණයේ විභාගවන නඩුවල තීන්දු මතය. ජනාධිපතිවරණය හා මහා මැතිවරණය අවසන් වන තුරු ඒවායේ අවසන් තීන්දු ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවිය නොහැක්කේ තත්වය ඒ තරමටම සංකීර්ණ නිසාය.

                                රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා තමා බව ධම්මිකගෙන් ප්‍රකාශයක් 

 රටේ ආර්ථිකයේ ගොඩනගන ක්‍රමය පිළිබඳව කිසිදු දේශපාලන පක්ෂයක් විසින් ජනතාවට ප්‍රකාශ නොකිරීම හේතුවෙන් සියයට 44% ක් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම මෙතෙක් තීරණය කර නොමැති බවත් සියලු පක්ෂ නායකයින්ගේ අදහස් ක්‍රියාත්මක සිස්ටම් එකක් අනුව රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා  පවසයි.

ශ්‍රී ලංකාව දියුණු කිරීම සඳහා වර්තමානයේ පවතින මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනුවට ජාත්‍යන්තරයේ පවතින අධ්‍යාපනයට සමාන අධ්‍යාපන ක්‍රමයක් මෙරට නිර්මාණය කළ යුතු බව ද සමාජ මාධ්‍ය තුළ සිදු කරන වැරදි ක්‍රියාවන් සම්බන්ධයෙන් කිසිවිටෙක කලබල විය යුතු නැති බවත් ලෝකයේ අනෙකුත් රටවල දරුවන් සමග තරග කළ හැකි දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කළ යුතු බවද ධම්මික පෙරේරා කියා සිටියේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී  අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ඩී පී එඩියුකේෂන් ආයතනයේ අයි.ටි.කැම්පස් හි අධ්‍යාපනය ලැබූ සාමණේර හිමිවරු සහ දරුවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. 

ලංකාවේ විශාලතම පක්ෂය වන පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙස තමන් ක්‍රියාවන් සිදු කර පෙන්වා ඇති බවත් ජනතාවගේ ප්‍රධානතම ඉලක්කය ආර්ථිකය හදන පුද්ගලයෙකු බලයට ගෙන ඒම බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු වේදිකාවල අදහස් ප්‍රකාශ කර නැති බව ද ඔහු   මෙහිදී අවධාරණය කලේය.   

                                    වත්කම් නොදෙන මන්ත්‍රීන්ට වසරක හිර දඬුවමක්
වත්කම් බැරකම් ප්‍රකාශ සැප්තැම්බර් මස 1 වැනිදා දක්වා යැවීමට අපොහොසත් වන මන්ත්‍රීවරයකුට  වසරක කාලයක් දක්වා සිර දඬුවම්  සහ මාස දොළහක වැටුපට සමාන දඩ මුදලක් අය කිරීමට නව දූෂණ විරෝධී පනතින් විධිවිධාන සැලසී ඇති බව අල්ලස් හෝ දූෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

2023 අංක 9  දරන දූෂණ විරෝධී පනත අනුව  සෑම වසරකම ජුනි මස 30 වැනිදාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට අපොහොසත් වන්නේ නම් එදින සිට සති දෙකක කාලයක් ඇතුළත ලිපිය යැවීමෙන්එම මන්ත්‍රීවරුන්ට අවවාද කළ යුතු බවත් එසේම එදින සිට ජුලි මස 31 වැනිදා දක්වා කාලය සඳහා මාසික දළ වැටුපෙන් තිහෙන් එකකට සමාන දඩ මුදලක් නියම කළයුතු බවත් පනතේ සඳහන් වේ.

එසේම පසුගිය මාස හය සඳහා අදාළ වන දල වැටුපෙන් තිහෙන්  එකකට සමාන වැඩි කරන ලද දෛනික පරිපාලන දඩ මුදලක් අගෝස්තු මස 1 වැනිදා සිට 31 දක්වා ප්‍රමාද වී ඉදිරිපත් කිරීම සඳහා ගෙවීමට නියම කෙරෙනු ඇති බවත් එහි දැක්වේ.

එම ප්‍රකාශය සැප්තැම්බර් මස1 වැනිදා තෙක් යැවීමට අපොහොසත්වන මන්ත්‍රීවරුන්ට මහේස්ත්‍රාත්වරයකු ඉදිරිපිට පවත්වනු ලබන ලගු නඩු විභාගයකින් පසු වරදකරු කිරීමේදී එම තැනැත්තා අවසන් වරට ලබාගත් මාස දොළහක දළ වැටුප් වලට සමාන දඩ මුදලක් හෝ අවුරුද්දකට නොවැඩි දෙයාකාරයෙන් එක් ආකාරයක කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට හෝ එකී දඩ මුදල සහ බන්ධනාගාර ගත කිරීම යන දෙකටම හෝ යටත් විය යුතු බව එම පනත් කෙටුම්පතේ දැක්වෙන බව අල්ලස් කොමිසම පවසයි.

තවද වත්කම් බරකම් ප්‍රකාශ භාර නොදීම් සම්බන්ධයෙන් විමර්ශන කළ යුතු බවද පනත් කෙටුම්පතේ සඳහන්වේ.

ජනාධිපතිවරණයට සියල්ල සුදානම්ය. ඔක්තෝබර් 5 වැනිදා හෝ ඔක්තෝබර් 12 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත.ජනාධිපතිවරණය කැඳවීමට ජුලි 17 වැනිදා සිට මැතිවරණ කොමිසමට බලය ලැබේ. ඒ අනුව ජුලි 17  වැනිදායින් මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය කැඳවනු ඇත. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම නිවේදනය කරනු ඇති අතර එම දිනය ප්‍රකාශයට පත් කර  කර දින 16 ත් 21 ත් අතර නාමයෝජනා භාරගනු ඇත.   නාමයෝජනා භාරගෙන සති හතරත් හයත් අතර ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත. ඔක්තෝබර් 17 වැනිදා වන විට ශ්‍රීලංකාවේ නව ජනාධිපතිවරයෙක් පත්ව සිටිනු ඇති අතර ඒ වහාම නව ජනාධිපතිවරයා ධුරයේ දිවුරුම් දෙනු ඇත. කවුරුන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කලද  ඒ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇත. ඒ අනුව මේ වසර අවසානයට පෙර මහා මැතිවරණය පැවැත්වීම බොහෝදුරට සිදුවන කාරණයකි. මේ සියල්ල අතරේ මහ දහවල්  කොළඹ ආසන්නයේදී   ක්ලබ් වසන්ත  ඝාතනය රටේ සාමාන්‍ය ජනතාවට ඇති අවිනිශ්චිත භාවය යලිත් පෙන්නුම්කර තිබේ. ඔහු කවර අන්දමේ පුද්ගලයෙකු වුවද මේ ආකාරයෙන් මිනිසකු  ඝාතනයට ලක්වීම තුලින් සමාජයේ ඇති භයානක බව රටටම පෙන්නුම් කර තිබේ.

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan