*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

වතු කම්කරුවන්ගේ දිරි දීමනාව ලබා දීමට වතු සමාගම් 09ක් එකඟ වුණා – මනූෂ

සටහන – රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ (LNW):

  • වතු කම්කරු වැටුප ඉහළට
  • මූලික වැටුපට වතු හිමියන්ගේ එකඟතාව
  • දිරි දීමනා සඳහාත් එකඟ වෙයි

වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට අද (10) දිනයේ රැස් වූ වතු සමාගම් 09ක් එකඟ වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පෙන්වා දෙයි.


මෙම මාසයේ සිටම එම මුදල වැටුප් ලෙස වතු කම්කරුවන්ට ගෙවීමට අදාළ වතු සමාගම් අමාත්‍යවරයාට එකඟතාව පළ කර තිබේ.


කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හා වතු සමාගම් අතර අද (10) එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ ඇත.


වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසේ සිට වැඩි කිරීමට පසුගියදා රජය තීරණය කළ අතර මේ වසරෑඅ මැයි පළවැනිදා ඒ සම්බන්ධ ගැසට් නිවේදනය පළ කෙරිණි. එහෙත් එයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹී තිබූ අතර අධිකරණය විසින්ද මේ සම්බන්ධව එකඟතාවයකට එළළඹී කටයුතු කරන ලෙස දැනුම් දී තිබිණි.

” අධිකරණයත් අපට යම් දැනුම් දීමක් කර තිබුණා අගෝස්තු මාසය වන විට මේ සම්බන්ධව එකඟතාවයකට පැමිණ යම් තීන්දුවක් ගන්නා ලෙස ඒ අනුව අද රජයේ සහ පෞද්ගලික සියලු වතු සමාගම්වලට ආරාධනා කළා මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට. ඒ අනුව අපි වතු සමාගම්වලින් ඉල්ලීමක් කළා මේ අවම මූලික වැටුප මේ මාසයේ සිටම ගෙවීමට ආරම්භ කරන ලෙස. එමෙන්ම ඵලදායීතාව මත පදනම්ව ඔවුන්ගේ දිරි දීමනා ලබා දෙන ලෙසත් එහිදී ඉල්ලීමක් කළා. වතු සමාගම් 09ක් අද දිනයේ එයට එකඟ වුණා. දෛනික දීමනාව මේ මාසයේ සිට ගෙවීමටත් ඔවුන්ගේ ඉපයීම් මත පදනම්ව ලබා දීමට යෝජිත දීමනාවටත් මෙහිදී බොහෝ වතු සමාගම් එකඟ වුණා.”


ඵලදායීතාව මත පදනම්ව නියමිත මුදලට වැඩි දීමනාවක් ලබා ගැනීමට හැකි බවද එම වතු සමාගම් මෙහිදී පෙන්වා දුන් බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කී අතර මෙය මෙරට වතුකම්කරු ප්‍රජාව ලැබූ ඉහළ ජයග්‍රහණයක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාද එක් වූ අතර කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් එයට එක් විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan