යුක්රේන තානාපතිවරු ධුරයෙන් ඉවතට – ඒ වුනාට මට යුද්ධෙ දිනන්න උදව් හොයලා දෙන්න ඕනේ හොඳේ? සෙලෙන්ස්කි කියයි!

Date:

ජර්මනියේ යුක්රේන තානාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ යුක්රේන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කිහිප දෙනෙකු ඔවුන්ගේ ධුරයන්ගෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව යුක්රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි පවසයි.

ඒ අනුව, ජර්මනිය, ඉන්දියාව, චෙක් ජනරජය, නෝර්වේ සහ හංගේරියාවේ යුක්රේන තානාපතිවරු මෙසේ ධුරයෙන් ඉවත් කළ බව යුක්රේන ජනපතිවරයා පවසයි.

එකී තනතුරු වලට නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පත්කෙරෙනු ඇති බවත්, මෙය සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මාරු කිරීමේ ක්‍රියාවලීන් ගෙන් එකක් බව ද හෙතෙම සඳහන් කරයි.

මෙසේ ධුරයන් ගෙන් ඉවත්කළ නිලධාරීන් ට නව රාජ්‍ය තාන්ත්‍රික තනතුරු ලබා දෙනු ඇති ද යන්න පිළිබඳව ඔහු සඳහනක් කර නැත.

කෙසේවෙතත්, රුසියානුු ආක්‍රමණය මත යුක්රේනයේ මතුව ඇති යුධමය තත්ත්වය සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ඔවුන් කැපවිය යුතු බව ද යුක්රේන ජනපතිවරයා සඳහන් කරයි.

යුක්රේනය ජර්මනිය සමඟ පවත්වා ගත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව රුසියාවේ බලශක්ති සැපයුම් හා යුරෝපයේ විශාලතම ආර්ථිකයන් මත රඳා පැවතුනු අතර, ජර්මනියේ යුක්රේන තානාපති වූ ඇන්ඩ්‍රි මෙල්නික් පත්කරනු ලැබුවේ සෙලෙන්ස්කිට පෙර යුක්රේනයේ ජනාධිපතිධුරය හෙබවූ පෙට්‍රො පොරොෂෙන්කෝ විසිනි.

ඇන්ඩ්‍රි මෙල්නික් ජර්මනියේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ සමීප සබඳතා පවත්වා ගත් පුද්ගලයෙකි.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...