රනිල්ගේ නිවසට ගිනි තැබීම – තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට

0
6032

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 හා 28 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

මෙම ගිනි තැබීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගත් අරගලකරුවන්ගෙන් කොටසක් ඊයේ පස්වරුවේදී අගමැතිවරයාගේ පෞද්ගලික නිවස වෙත පැමිණි අතර රාත්‍රී කාලයේදී නිවසට ඇතුළු වූ පිරිසක් ගිනි තබා තිබිණි.

UN