රනිල්ගේ නිවසට ගිනි තැබීම – තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට

Date:

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 හා 28 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

මෙම ගිනි තැබීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගත් අරගලකරුවන්ගෙන් කොටසක් ඊයේ පස්වරුවේදී අගමැතිවරයාගේ පෞද්ගලික නිවස වෙත පැමිණි අතර රාත්‍රී කාලයේදී නිවසට ඇතුළු වූ පිරිසක් ගිනි තබා තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...

“Justice Mission 2025” දෙවන දිනය ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය තායිවානය වටා...

භූමරංග රංග සහ පවිත්‍රට ඇති පවිත්‍ර කිරීමේ අභියෝග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේ මහනුවර...