ජනාධිපති ගෙදර යනකං අපි ගෙදර යන්නෙ නෑ, රනිල් ඔයාට අමුතුවෙන් කියනකන්ද ඉන්නෙ ? (Video)

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ඉල්ලා අස් වී ගෙදර යනතුරු නිර්පාක්ෂික අරගලය අවසන් නොකරන බව අරගලකරුවන් පවසනවා.

ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සිය ඉල්ලා අස්වීම නිළ වශයෙන් නිවේදනය කරන තෙක් ජනාධිපති මන්දිරයත්, ජනාධිපති ලේකම් කාර්යාලයත්, අරලියගහ මන්දිරයත් අරගලකරුවන් සතුව පවතිනු ඇති බවයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා අවධාරණය කරන්නේ.

මාස තුනක් තිස්සේ රටපුරා අරගලයක් දියත් වූ නමුත් ජනාධිපතිවරයා කෙසේ හෝ සිය බලය ආරක්ෂා කර ගැනීමට විවිධ කුමන්ත්‍රණ දියත් කළ බවත්, අවසානයේදී ජනාධිපති මන්දිරය දක්වා ජනතාව පැමිණෙන තෙක් එහි සැඟවී සිට හොරෙන්ම පිටවී යාමට සිදු වූ බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

ජනාධිපති මන්දිරය ඇතුළු අරගලකරුවන් අත්පත් කරගෙන ඇති ස්ථානවලින් තමන් ඉවත් කිරීමට පාලකයන් තවදුරටත් විවිධ කුමන්ත්‍රණ සිදු කරමින් සිටින බව පෙන්වා දෙන ගුණසේකර මහතා පවසන්නේ ඔවුන් තවමත් පාඩම් ඉගෙනගෙන නොමැති බවයි. තවදුරටත් බලය රැකගැනීම සඳහා කුමන්ත්‍රණ සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් මීටත් වඩා අවාසනාවන්ත අත්දැකීම්වලට මුහුණදීමට සිදුවන බව ඔවුන් මතක තබාගත යුතු බවත් ඔහු පවසනවා.

ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බලකරමින් සිදුකළ අරගලය රනිල් වික්‍රමසිංහ මහතාටද අදාල වන බැවින්, ඔහුට අමුතුවෙන් ප්‍රකාශ කරන තෙක් නොසිට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි බලාපොරොත්තු වන බවද එරංග ගුණසේකර මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...

Cadge Bird වෙනුවෙන් ලංකාවට ආ රුවැත්තී “Varalaxmi Sarath Kumar”

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : "Cadge Bird" නැමති...