විම්බල්ඩන් කාන්තා කේවල ශූරතාව එලේනා රයිබකිනා දිනා ගනියි.

Date:

සෙනසුරාදා(09) පැවති කාන්තා කේවල අවසන් විම්බල්ඩන් තරගයේ ශූරතාව දිනාගැනීමට එලේනා රයිබකිනා සමත් වී තිබේ. මෙය ඇයගේ ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වන අතර කසකස්තානය වෙත කුසලානය ගිය ප්‍රථම අවස්ථාව මෙය වේ. එලීනා රුසියාවේ උපත ලැබුවද ඇය කසකස්තානය නියෝජනය කරනු ලැබීය.
ඇය විසින් නිම කරන ලද තරඟාවලිය තුළ ඇගේ ක්‍රීඩා කිරීමේ විලාශය අතිශය ජව සම්පන්න විය. තාක්ෂණය අතින් පිරිපුන් විය. මෙම තරඟාවලිය තුළ ටියුනීසියානු වෘත්තීය ටෙනිස් ක්‍රීඩිකාවක් වන ජබියුර් බිඳ දැමීම මෙහිදී කාගේත් කතා බහට ලක් වූ තරඟාවලියක් විය. ඇය ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල ඉහලින්ම සිටි ක්‍රීඩිකාවකි. මෙම ජයග්‍රහණයෙන් පසු එලේනා 2011 වසරෙන් පසු ලාබාලතම විම්බල්ඩන් ශූරිය බවටද පත් වූවාය.
“ඒක ඇත්ත, මම විම්බල්ඩන් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරඟයක දෙවන සතියට එන්න බලාපොරොත්තු වුණේ නැහැ. ජයග්‍රාහකයෙක් වීම පුදුම සහගතයි. මම කොච්චර සතුටු වෙනවාද කියලා කියන්න මට වචන නැහැ.” ලෙසයි එලේනා රයිබකිනා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ.

SM-OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...

“Justice Mission 2025” දෙවන දිනය ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය තායිවානය වටා...

භූමරංග රංග සහ පවිත්‍රට ඇති පවිත්‍ර කිරීමේ අභියෝග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේ මහනුවර...