රහසිගතව සිටියත් ජනපති තාමත් වැඩ – ගෑස් බෙදන හැටි ගැන බළධාරීන්ට උපදෙස්

Date:

අද මෙරටට පැමිණීමට නියමිත ගෑස් තොගය කඩිනමින් බෙදාහැරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා බළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබෙන්නේ අද දිනයේදී ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බවයි.

ඊයේ පැවති විරෝධතා අතරතුර ජනාධිපති මන්දිරයෙන් රහසිගතව පිටව ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට රහසිගත ආරක්ෂිත ස්ථානයකට රැඳී සිටී. ජනතා විරෝධය හමුවේ තවදුරටත් ධුරයේ රැඳී නොසිටීමට ඔහු තීරණය කර ඇති අතර අගමැතිවරයාට සහ කතානායකවරයාට දැනුම් දී තිබෙන්නේ 13 වැනිදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙන්නේ හෙට දිනයේදී තවත් ගෑස් නෞකාවක් පැමිණෙන බවයි. එහි ගෑස් මෙට්‍රික් ටොන් 3740 ක් අඩංගු වන අතර මෙම මාසය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 33,000 ක් ලැබීමට නියමිත වේ.

ඒ අනුව මේ වනවිට රටපුරා පවතින ගෑස් අර්බුදය තවත් සති කිහිපයක් තුළ අවසන් වනු ඇති බවද ජනාධිපතිවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...

“Justice Mission 2025” දෙවන දිනය ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය තායිවානය වටා...

භූමරංග රංග සහ පවිත්‍රට ඇති පවිත්‍ර කිරීමේ අභියෝග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේ මහනුවර...