ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් නොමැති තත්වයක් තුළ රටේ වගකීම බාරවිය යුත්තේ විකල්ප අගමැතිවරයා වන විපක්ෂ නායකයා වෙත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක රටක ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට පසු ඊළඟට සිටින්නේ විපක්ෂ නායකයා බවත්, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් පවා පැමිණි විට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවීමෙන් පසු විපක්ෂ නායකයා හමු වී සාකච්ඡා පවත්වන්නේ ඒ නිසා බවත් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා.
ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් නිළ වශයෙන් ඉල්ලා අස් වී නොමැති නමුත් මේ වනවිට රට අරාජික තත්වයට පත්වෙමින් තිබෙන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ හැකි ඉක්මනින් රට සාමාන්‍ය තත්වයට පත්කළ යුතු බවයි. එසේ නොමැති වුවහොත් ටියුනීසියාව, ඇෆ්ගනිස්ථානය වැනි රටවල පසුගිය කාලයේදී දක්නට ලැබුණු තත්වයක් මෙරට තුළද ඇතිවිය හැකි බවත්, එවැනි අවාසනාවන්ත තත්වයක් උද්ගතවීමට ඉඩ නොතැබිය යුතු බවත් ඔහු සඳහන් කරනවා.
රටේ වගකීම බාර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ සමගි ජන බලවේගය සූදානම් බවද ජනතාව මුහුණ දී සිටින අර්බුදවලට ඉක්මන් විසඳුම් ලබාදීමට සූදානම් බවද රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනවා.
UN