අඩු ආදායම් පවුල්වලට ඇමති අමරවීරගෙන් එළුවන්!

කොළඹ LNW:අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් එම පවුල් වෙත එළුවන් බෙදාදීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ආරම්භ කර තිබේ.

වසර පහක් තුළ එළුවන් 70,000ක් මෙලෙස අඩු ආදායම්ලාභි පවුල්වලට බෙදාදීම සිදුකෙරෙන බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ.

එම වැඩසටහන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් රන්න, වාඩිගල ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණි.

එක් පවුලකට එළුවන් තිදෙනෙකු බැගින් හිමි වන ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන 07 සඳහා එක් ගමකින් පවුල් 10ක් බැගින් තෝරාගෙන එළුවන් බෙදා දීම සිදුකිරෙන බව අමාත්‍යංශය සඳහන් කරයි.

රට තුළ එළු කර්මාන්තය සාර්ථකව සිදුනොවන හෙයින් එළු මස් සහ එළු කිරි ආනයන කරන තත්ත්වයක් පවතින හෙයින් ග්‍රාමීය මට්ටමින් එළු කර්මාන්තය නැංවීමටයි තීරණය කර තිබෙන්නේ.

මෙම වැඩ පිළිවෙළ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 150කි.

රැකියා විරහිත තරුණ තරුණියන් රැසක් ග්‍රාමීය අංශයේ සිටින අතර ඔවුන්ට අමතර ආදායම් මාර්ග ලබා ගැනීම සඳහා මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ එළුවන් ලබා දීම හා එළු පාලනය සදහා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම මෙන්ම එළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන නැවත මිල දී ගැනීම සදහා (Buy Back) පුද්ගලික අංශයේ සහයෝගය සලසා දීමට ද නියමිතයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...