වැල් මී හාදු ගණනාවක තෙත
ඉතා පරිස්සමට
මංජුසාවක බහා
නුඹ එවා තිබූ පණිවිඩයට
පිළිතුර
නුඹට වසන්කර
ලෝකය දැන ගත යුතුව ඇත
පළමු රුදු ඝනඳුරු මාසය
කන්නට බොන්නට හිතුනෙ දෝ නැත
කාමරයෙන් එළියට යන්නට හිතුනෙ දෝ නැත
දත කට මැද මුව හේදුවබව
ඇග පත සෝදා නා පිරිසිදු වූ බව දන්නෙ දෝ නැත
කඳුළු ගංගා කොපුලත ගලා යන්නට ඇත දෝ කිව යුතු නැත
කොටින්ම ජීවත් වූවා දෝ කිව යුතු නැත
සමාජයට ආවේ මාසෙකට දෙකකට පසුයි
ඒ,රුදු ඝනදුරු ටිකෙන් ටික පහව යන කලයි
එහිදී පොකුණු අසබඩ නොයෙක් තැන්හි හිඳ
දුම්වැටි දැල්වුනේ නෑ නොවෙයි
මධුවිත පානය කළේ නෑ නොවෙයි
මචං උඹ ඕව ගණන් ගන්නෙපා
හිත හදාගනින් යැයි කියූ
ඔවදන් ඇසුවේ නෑ නොවෙයි
වෙරි වී රෑ බදුල්ලෙක් වෙලා
රැහැයි ඇඩියා මැද්දේ
එක එක තැන ලැග්ගේ ද නෑ නොවෙයි
ඝනඳුරේ සේයා
සම්පූර්ණ යෙන් පහව යාවියැයි
විශ්වාස කරන්නේ නැතත්
මාස හය හතකට පසු නැවතත්
විරහ ගී අසමි
ආ ගිය මග තොට සිහි කරමි
හාදුවක තෙත
රමණයේ ස්පර්ශනීය නුඹෙ
පලා පැහැ මිටියාවතේ තබමි
එබැවින්
වැල් මී හපමි එයින්ම විඳිමි…!
සබඳ
මා මෙන් ඔබත්
ඔබ මෙන් මමත්
අතීත,වර්ථමාන, අනාගත
කාලත්‍රයේ නේක පැහැයෙන්
නිති විඳි, විඳින
මෙය,විශ්වීය,පොදු,
න්‍යාමධර්මතාවය දැයි අසමි…!
~ ධනංජය බණ්ඩාර
RN