දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි. 35ක් දුවන බව දෙපාර්තමේන්තුව කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් විසින් පෙරේදා (09) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනය අද (11) දිනයේත් ක්‍රියාත්මක වේ.

නිසි පරිදි උසස් වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළ අතර මේ හේතුවෙන් ඊයේ දිනයේදී දුම්රිය මගීන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබිණි.

ඊයේ දහවල් 12 වනවිට සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය හැරගියා සේ සලකන බවට දුම්රිය දෙපාර්තමේන්තුව අවසන් නිවේදනයක් නිකුත් කළ ද වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමටයි වෘත්තීය සමිති තීරණය කර තිබුණේ.

කෙසේවෙතත් වැඩවර්ජනය ක්‍රියාත්මක වුව ද කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය 35ක් අද දිනයේදී ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගමට ක්‍රිකට් – රසට MeadowLea

සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...

සරත් ප්‍රේමතිලකගේ කෘති දෙකක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: සරත් ප්‍රේමතිලක මහතා විසින් රචිත කෘති ද්විත්වයක්...

2026 අයවැයට වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා!

කොළඹ LNW:2026 අයවැය සඳහා වාහන ආනයනකරුවන් විසින් යෝජනා ඉදිරිපත්කර...

අද හොඳ දවසක් තමයි, ඒත් අදට වඩා හෙට හොඳ විය යුතුයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: අද සැප්තැම්බර් 17.ජපානයේ පැවත්වෙන ලෝක මලල...