මෙරටට පිට රටින් මීහරක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ (LNW):

දිනකට වැඩි කිරි ප්‍රමාණයක් ලබාගත හැකි එළ, මී ගවයන් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සැලසුම් කර ඇත. එයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ මෙරට එළදෙනුන්ගෙන් ලැබෙන කිරි ප්‍රමාණය අඩු බවයි.

එම අමාත්‍යාංශය පවසන්නේ, මෙරට සිටින මී සහ එළ ගවයකුගෙන් දිනකට ලබා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් 10ක් දක්වා අඩුවී ඇති බවයි.

මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ වැඩි දියුණු කරන ලද එළ ගවයන් සහ මී ගවයන් ලබා ගැනීම පිළිබඳ මෙරට ඉන්දීය සහ පාකිස්තාන මහ කොමසාරිස්වරුන් සමග කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පසුගියදා සාකච්ඡා කළේය.

දැනට ඉන්දියාව හා පාකිස්තානය යන රටවල් දෙකම ගවයන් වෙනත් රටවලට ලබා නොදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණද, ශ්‍රී ලංකාවට ඔවුන් සතු ගවයන් ලබා දීමට මෙම සාකච්ඡාවලදී එකඟත්වය පළ කරනු ලැබීය. නව කෘෂි තාක්ෂණය ඔස්සේ එම රටවල්වලින් ආනයනය කරන එක් ගවයකුගෙන් දිනකට තුන්වරක් කිරි ලීටර් 60ක් දක්වා ලබා ගැනීමට හැකියාව පවතින බව අනාවරණය වී ඇති අතර, ඉන්දීය රජය විසින් “සහිවාල්“ නමැති එළ ගව විශේෂය ද, පාකිස්තානය විසින් “මුරා“ නැමැති මී ගව විශේෂයද මෙරටට ලබා දීමට නියමිතය. මෙම ගවයන් මෙම වසර තුළ ලැබෙනු ඇතැයි ද එමගින් රටට අවශ්‍ය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට එම කටයුතුවලින් හැකිවනු ඇතැයි ද ඇමැති මහින්ද අමරවීර පැවැසුවේය.

ලබන වසරේදී (2025) මෙරට කිරි කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට රජය තීරණය කර ඇති අතර, එම ඉලක්ක සපුරාගැනීම සඳහා මෙලෙස එළ ගවයන් සහ මී ගවයන් ආනයනය කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...