ඉන්දීය හමුදා ආක්‍රමණය බොරු කතාවක් – ඉන්දීය මහ කොමසාරිස්

ඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට එවීමට සූදානම් වන බවට පැතිර යන පුවත් සාවද්‍ය බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. එවැනි කිසිදු උත්සාහයක් නොමැති බවත්, පැතිර යන වාර්තා සහ අදහස් ඉන්දීය රජයේ ස්ථාවරයට කිසිසේත්ම නොගැලපෙන බවත් මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ සාරධර්ම සහ ව්‍යවස්ථාමය රාමුව හරහා සමෘද්ධිය සහ ප්‍රගතිය අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ ජනතාව සමග ඉන්දියාව නිරන්තරව රැඳී සිටින බවද ප්‍රකාශ කරනවා.

ඉන්දීය හමුදා මෙරටට පැමිණෙන බවට පුවත් පැතිර ගියේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ ජ්‍යෙෂ්ට නායක, හිටපු අමාත්‍ය සුබ්‍රමනියම් ස්වාමි මහතා නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයක් පාදක කර ගනිමිනි. ඔහු එම ටිවිටර් පණිවුඩයේ සඳහන් කර තිබුණේ රාජපක්ෂ පවුලට සහාය දැක්වීම සඳහා අවශ්‍ය නම් ඉන්දීය හමුදා ශ්‍රී ලංකාව වෙත පිටත් කර යැවිය යුතු බවට තමා ඉන්දීය මධ්‍යම රජයට යෝජනා කරන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද රටේ ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්ව සිටින බැවින් එවැනි නීත්‍යනුකූල පාලනයක් පෙරළා දැමීමට මැර පිරිස්වලට ඉඩ නොතැබිය යුතු බවද සුබ්‍රමනියම් ස්වාමි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

කෙසේ නමුත් මෙම යෝජනාව සඳහා ඉන්දීය මධ්‍යම රජය එකඟතාවය පළකර නොමැති අතර, කිසිදු හමුදා නිළධාරියෙකු ශ්‍රී ලංකාව වෙත නොපැමිණෙන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...