මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් 8 දෙනාටම උසස්වීම්

සටහන – රුවන් නෙළුගොල්ල

මීගමුව බන්ධනාගාරයේදී ඇතිවූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන් 08 දෙනාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් උසස්වීම් ලබාදී තිබේ.

ඒ අනුව, ඝාතනයට ලක්වූ දෙවන පෙළ ජේලර් S.H.S.චන්ද්‍රවංශ මහතා පළමු පෙළ ජේලර්වරයෙක් ලෙසත්, අනෙකුත් නියාමකවරුන් සැරයන් තනතුරුවලටත් උසස්කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එසේ සැරයන් තනතුරට උසස්වීම් ලබාදී ඇත්තේ S.D.අබේවර්ධන, B.N. තරංග, A.D තරංග, D.W. පුෂ්පකුමාර, R.R.සංජීව, T.R. තිලකසිරි සහ M.G. උපාලි යන නිලධාරීන්ට ය.

මෙම උසස්වීම් ඔවුන් මියගිය දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදී ඇත.

එමෙන්ම මියගිය නිලධාරීන්ගේ සමීපතම ඥාතීන් වෙත මේ වනවිට රුපියල් ලක්ෂ 05 බැගින් වන්දි මුදලක් ද ලබාදී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...